කෘෂිකර්ම සහ ආහාර තාක්ෂණය (Food Tech): යුරෝපයේ හැංගිලා තියෙන ලොකුම…
යුරෝපයේ අධ්‍යාපනය ලබන්න හිතන ගොඩක් ශ්‍රී ලාංකික සිසුන් වැඩිපුරම තෝරගන්නේ Business Management වගේ සාමාන්‍ය කෝස්. මේ නිසා, යුරෝපයේ ඉහළම පඩි තියෙන, ලොකුම ඉල්ලුමක් තියෙන ෆීල්ඩ් එකක් ගොඩක් අයට මඟහැරෙනවා.

ඒ තමයි Agriculture සහ Food Technology කියන්නේ.
යුරෝපයේ කෘෂිකර්මාන්තය කියන්නේ දැන් සාම්ප්‍රදායික ගොවිතැන නෙවෙයි. ඒක Agri-Tech, කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණයෙන් පිරුණු දැවැන්ත කර්මාන්තයක්.
ඔයාටත් ජීව විද්‍යා (Bio-Science), කෘෂිකර්ම හෝ Food Technology පැත්තෙන් උපාධියක් තියෙනවා නම්, මේ අංශයෙන් යුරෝපයට යාම ඔයාගේ අනාගතයට වැදගත් වෙන්නේ ඇයි කියලා අපි බලමු:
✅ 1. යුරෝපයේ තාක්ෂණික කෘෂිකර්මාන්තය
උදාහරණයක් විදිහට නෙදර්ලන්තය ගත්තොත්, රටක් විදිහට ගොඩක් කුඩා වුණාට ලෝකේ දෙවැනියට විශාලතම ආහාර අපනයනය කරන්නේ එයාලා. ඒ ඔක්කොම කරන්නේ Smart Agriculture සහ Vertical Farming තාක්ෂණයෙන්.
මම නෙදර්ලන්තයේ ජීවත් වෙන නිසා සහ Agriculture වලට සම්බන්දව Business කරන නිසා මේක හොදටම දන්නවා.
අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යුරෝපය මේ වෙද්දී මේ අංශයට බිලියන ගණනින් ආයෝජනය කරනවා.
✅ 2. තරඟය අඩුයි, වැටුප් ඉහළයි
Business පැත්තෙන් ජොබ් හොයන්න ලොකු තරඟයක් තිබුණට, Food Science සහ Agri-Tech පැත්තෙන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. යුරෝපයේ කම්පැනි වලට මේ අංශයේ විශේෂඥයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසා මේ අංශයෙන් Master’s එකක් කරන කෙනෙකුට යුරෝ 50,000 කට වඩා වැඩි පඩියකට ලේසියෙන්ම ජොබ් එකකට යන්න පුළුවන්.
✅ 3. ස්ථිර පදිංචියට (PR) තියෙන ලේසිම පාර
යුරෝපයේ අනාගතයට ආහාර සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය නිසා, මේ වෘත්තීන් යුරෝපයේ “Critical Skills Shortage” (අත්‍යවශ්‍ය හිඟ වෘත්තීන්) ලිස්ට් එකට ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා ඩිග්‍රියෙන් පස්සේ Work Visa එකක් අරගෙන PR එකට යන්න තියෙන පාර හරිම පැහැදිලියි වගේම ලේසියි.
ඔබගේ මීළඟ පියවර
හැමෝම යන සාමාන්‍ය පාරවල් වල ගිහින් තරඟ කරනවාට වඩා, මේ වගේ ඉහළ වටිනාකමක් තියෙන ක්ෂේත්‍රයක් තෝරාගැනීම ඔයාගේ අනාගතයට කරන ලොකුම ආයෝජනයක් වෙයි.
ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන යුරෝපයේ තියෙන හොඳම කැම්පස් සහ කෝස් මොනවද කියලා දැනගන්න ඕනෙද?
👇 මේ පෝස්ට් එකේ පළමු කමෙන්ටුවේ (1st comment) තියෙන Google Form එක පුරවන්න. Ahasa Consultancy අපේ කණ්ඩායම ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම නොමිලේ පරීක්ෂා කරලා නිවැරදිම පාර පෙන්නන්නම්.
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Netherlands?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Netherlands
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vilnius Gediminas Technical University | University of Malta | Swiss School of Business and Management (SSBM)




