🚨 Master’s එකට යුරෝපයට යද්දී පවුලම (Spouse/Kids) අරන් යන්නේ…

ලංකාවේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, තනියම රට ගිහින් පවුලේ අයව (බිරිඳ/ස්වාමිපුරුෂයා සහ දරුවන්) ගෙන්වා ගන්නේ කොහොමද කියන එක. දැන් ගොඩක් යුරෝපයේ රටවල් ​මේ නීති කලි​න් තිබුනට​ත් වඩා ගොඩක් වෙනස් සහ දැඩි නීති රාමුවක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ.

Rangana Mahesh2 min read
Visa & Immigration
Master’s එකට යුරෝපයට යද්දී පවුලම (Spouse/Kids) අරන් යන්නේ…

හැබැයි ඔයා සාමාන්‍ය Bachelor’s ඩිග්‍රියකට වඩා Master’s Degree එකකට යනවා නම්, පවුලම අරන් යන්න ලොකු නීත්‍යානුකූල වාසියක් තියෙනවා.

මේ තියෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතුම නීති 4:

  • 1. Master’s සහ PhD සඳහා ඇති ප්‍රමුඛතාවය:

යුරෝපයේ බොහෝ රටවල් Bachelor’s කරන අයට වඩා Master’s කරන සිසුන්ට Dependent Visa ලබාදීමට ප්‍රමුඛතාවය දෙනවා. සමහර රටවලට ඔයා වීසා දානකොටම පවුලේ අයගේ වීසා එකත් (Concurrent application) එකටම දාලා, එකටම රට යන්න අවස්ථාව තියෙනවා.

  • 2. Spouse ට Full-Time වැඩ කරන්න පුළුවන්ද? (ලොකුම වාසිය):

ඔව්! මේක තමයි යුරෝපයේ Master’s කරන එකේ තියෙන ලොකුම වාසිය. ඔයා ලිතුවේනි​යා, ස්වීඩන​ය, හෝ ෆින්ලන්තය වගේ රටකට ගියොත් ඔයාගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට කිසිම බාධාවක් නැතුව Full-time (සතියට පැය 40ක් හෝ ඊට වැඩි) රැකියාවක් කරන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න ගමන් Part-time කරද්දී, පවුලේ වියදම කවර් කරන්න Spouse ට ලොකු සහයෝගයක් දෙන්න මේකෙන් පුළුවන්.

  • 3. මූල්‍ය අවශ්‍යතා (Proof of Funds):

පවුලම යනවා නම්, ඔයාලට එහේ ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න යුරෝපීය ර​ටේ නීතියට අනුව අනිවාර්යයෙන්ම විශාල මුදලක් පෙන්නන්න වෙනවා. උදාහරණයක් විදිහට තනි සිසුවෙක් පෙන්විය යුතු Blocked Account හෝ Bank Balance මුදල වගේ දෙගුණයක් පමණ කපල් එකක් යනවා නම් පෙන්විය යුතුයි. නීත්‍යානුකූලව මේ සල්ලි පෙන්නන්න බැරි නම් Dependent වීසා එක ප්‍රතික්ෂේප වෙන්න පුලුව​න්.

  • 4. නිවාස පහසුකම් (Accommodation Rules):

මේක ගොඩක් අය වරද්දගන්න තැනක්. Dependant විදිහට යුරෝපයට යනවා නම්, වීසා එකට ඇප්ලයි කරන්න කලින් ඔයාලට ජීවත් වෙන්න ප්‍රමාණවත් ඉඩක් තියෙන නිවසක් (Apartment/House) හොයාගෙන ඒකේ නීත්‍යානුකූල ගිවිසුම (Lease Agreement) ඉමිග්‍රේෂන් එකට පෙන්නන්න ඕනේ. එකවර වීසා ඇප්ලයි කරද්දී ඔයාට ඒ සල්ලිත් Living Expnses පෙන්නන ගිනුමෙම පෙන්වන්න පුලුවන්. කැම්පස් හොස්ටල් වල Family accomodations දෙන්නෙ නෑ.

  • කොහොමද මේක හරියටම කරන්න පුලුවන් (How to Apply) :

කපල් එකක් විදිහට හරි, දරුවොත් එක්ක හරි රට යනවා කියන්නේ ලොකු වගකීමක් වගේම ලොකු මූල්‍යමය ආයෝජනයක්.. පවුලේම අයගේ මූල්‍ය ලියකියවිලි (Financial documents) නීත්‍යානුකූලවම හදාගන්න විදිහ සහ, රට ගියපු ගමන් Spouse ට රස්සාවකට යන්න අවශ්‍ය පාර හදලා දෙන එක අපි යුරෝපයේම ඉඳන් වගකීමෙන් කරනවා.

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation