Europe, UK, Australia යන ඕනෑම රටක Visa Interview එක එක පාරින්ම පාස්…
ඔබේ ලේඛන (Documents) කොච්චර සම්පූර්ණ වුනත්, බැංකුවේ කොච්චර සල්ලි තිබුණත්, “Visa Interview” එකේදී ඔබ දෙන එක වැරදි උත්තරයක් නිසා ඔබේ මුළු හීනයම බොඳ වෙලා යන්න පුළුවන් බව ඔබ දන්නවාද?

බොහෝ දෙනෙක් හිතන්නේ “මම ඇත්තනේ කියන්නේ, බය වෙන්න දෙයක් නෑ” කියලා. නමුත් වීසා ඔෆිසර් කෙනෙක් බලාපොරොත්තු වන “වෘත්තීය මට්ටමේ පිළිතුරු” (Professional Answers) සහ අපි දෙන “සාමාන්‍ය පිළිතුරු” අතර ලොකු පරතරයක් තියෙනවා.
අද අපි කතා කරන්නේ ප්‍රධාන රටවල් කිහිපයක ඉන්ටවීව් ගැන සහ ඒවාට මුහුණ දෙන හැටියි.
1. යුරෝපය (Schengen & National Visa): “ඔබ යන්නේ ඉගෙන ගන්නමද?”
ප්‍රංශය (France), ජර්මනිය (Germany), ඉතාලිය (Italy), ලැටිවියා , ලිතුවේනියා, ස්වීඩනය, හංගේරියාව වගේ රටවල් වලට Student Visa සඳහා බොහෝ විට මුහුණට මුහුණ (In-person) හෝ Online සම්මුඛ පරීක්ෂණ පවත්වනවා.
ඔවුන් සොයන්නේ: ඔබ ඇත්තටම ඉගෙන ගන්න යන ශිෂ්‍යයෙක්ද? නැත්නම් වීසා අරන් වෙනත් රටකට පැනලා යන්න (Jumping) හදන කෙනෙක්ද?
2. එක්සත් රාජධානිය (UK): “Credibility Interview” එක තමයි ලොක්කා!
UK යන අයට තියෙන ලොකුම අභියෝගය මේකයි. මෙය විශ්වවිද්‍යාලයෙන් (Pre-CAS Interview) සහ වීසා කාර්යාලයෙන් (UKVI Interview) යන දෙකෙන්ම සිදුවිය හැක.
තත්ත්වය: මෙහිදී ඔබේ පිළිතුරු සටහන් කරගෙන, ඒවා නැවත පරීක්ෂා කරනවා. එක බොරුවක් කිව්වොත් CAS එක කැන්සල් වෙනවා.
අවධානය: පාඨමාලාවේ මොඩියුල (Modules), විශ්වවිද්‍යාලයේ පිහිටීම, සහ ඔබේ අනාගත රැකියා සැලැස්ම ගැන අහන ප්‍රශ්න වලට “කටපාඩම් කළ උත්තර” (Memorized answers) දුන්නොත් කෙලින්ම Reject වෙනවා.
3. ඕස්ට්‍රේලියාව (Australia): “Genuine Student (GS)” පරීක්ෂණය
ඕස්ට්‍රේලියාවේ අලුත් නීති එක්ක, ඔවුන් ඕනෑම වෙලාවක දුරකථනයෙන් (Phone Interview) කතා කරන්න පුළුවන්.
අවදානම: ඔබ දන්නේ නැති වෙලාවක කෝල් එකක් එන්න පුළුවන්. ඒ වෙලාවට “මම පස්සේ කතා කරන්නම්” කියන්න බෑ.
ප්‍රශ්නය: “ඇයි මේ කෝස් එක ලංකාවේ කරන්නේ නැතුව ඕස්ට්‍රේලියාවට එන්නේ?” කියන ප්‍රශ්නයට ඉතාම තර්කානුකූල උත්තරයක් දෙන්න ඕන. (Value of Investment).
4. කැනඩාව සහ අයර්ලන්තය (Canada & Ireland)
මේ රටවල් දෙකේ සම්මුඛ පරීක්ෂණ අඩුයි. නමුත් ඔබේ ලිපිගොනු ගැන සැකයක් ආවොත් (Background Check), ඔවුන් කතා කරනවා. එහෙම කතා කළොත්, එය ඉතාම සැලකිල්ලෙන් මුහුන දෙන්න ඕන.
Interview එක ගොඩදාන “Super Answers” හදන හැටි
ඕනෑම රටකට අහන පොදු ප්‍රශ්න 3ක් සහ ඒවාට දිය යුතු “සාර්ථක” පිළිතුරු මෙන්න.
Q1: Why did you choose this University? (ඇයි මේ විශ්වවිද්‍යාලය?)
දුර්වල පිළිතුර: “එකේ රෑන්කින් හොඳයි, ලස්සනයි, මගේ යාළුවෙක් එහේ ඉන්නවා.”
- සුපිරි පිළිතුර: “මම විශ්වවිද්‍යාල 3ක් සංසන්දනය කළා. නමුත් මම මේ විශ්වවිද්‍යාලය තෝරා ගත්තේ එහි ඇති [ABC] ලැබ් පහසුකම් සහ [XYZ] කියන මහාචාර්යවරයා යටතේ පර්යේෂණ කරන්න තියෙන අවස්ථාව නිසයි. ඒ වගේම එහි ඇති [Module Name] එක මගේ අනාගත රැකියාවට ගොඩක් වැදගත්.” (Be Specific!)
- Q2: What is your future plan? (අනාගත සැලැස්ම මොකක්ද?)
- ❌ දුර්වල පිළිතුර: “ඉගෙන ගෙන ඉවර වෙලා එහේ ජොබ් එකක් හොයා ගන්නවා.” (Big Red Flag! 🚩)
- සුපිරි පිළිතුර: “මගේ උපාධිය අවසන් කර මම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉන්පසු [ප්‍රසිද්ධ සමාගමක නමක්] හි [තනතුරක්] සඳහා අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උපාධියත් එක්ක මට ලංකාවේදී ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන්.”
- Q3: Who is your sponsor? (කවුද වියදම් කරන්නේ?)
- ❌ දුර්වල පිළිතුර: “තාත්තා.”
- සුපිරි පිළිතුර: “මගේ පියා තමයි අනුග්‍රහය දක්වන්නේ. ඔහු [රැකියාව/ව්‍යාපාරය] හි නිරත වෙනවා. ඔහුගේ වාර්ෂික ආදායම [මුදල] ක් වෙනවා. ඊට අමතරව අපිට [වෙනත් වත්කම්] තියෙනවා. මගේ අධ්‍යාපනයට වියදම් කරන්න ඔහුට පූර්ණ මූල්‍ය ශක්තියක් තියෙනවා.”
- Ahasa Consultancy අපෙන් ඔබට ලැබෙන විශේෂ පුහුණුව
ඉන්ටවීව් එකට බය වෙන්න එපා. Ahasa Consultancy හරහා අයදුම් කරන ඔබට අපි විශේෂ වරප්‍රසාදයක් ලබා දෙනවා.
අපගේ ආයතනය සතුව යුරෝපීය ජාතිකයෙකු (European Expert) විසින් මෙහෙයවන විශේෂ “Interview Preparation Sessions” පැවැත්වෙනවා.
නියම වීසා ඔෆිසර් කෙනෙක් ඉදිරියේ ඉන්නවා වගේම පුහුණුවක් (Mock Interviews).
ඔබේ උත්තර වල ඇති දුර්වලතා හදලා, හොඳම උත්තර (Refined Answers) හදලා දෙනවා
.
ඔබේ Body Language සහ Confidence එක හදනවා.
වීසා එක කියන්නේ ලොතරැයියක් නෙවෙයි. හරියට පුහුණු වුණොත්, ඒක ඔබට දිනන්න පුළුවන් තරඟයක්!✈️🇪🇺🇬🇧
ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන, යුරෝපයේ තියෙන හොඳම කෝස් මොනවද කියලා දැනගන්න ඕනෙද?
මේ වගේ අලුත්ම Article කියවන්න මාවත් follow කරලා තියා ගන්න.
ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.
Rangana Mahesh.
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Germany?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Germany
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Latvia | Global College Malta | Novikontas Maritime College




