සල්ලි තිබුණත් වීසා Reject වෙන්නේ ඇයි?
“සල්ලි තිබුණත් වීසා Reject වෙන්නේ ඇයි?”
පළමු වතාවට රට යන ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල්! (Step-by-Step Guide – Part 02: වීසා සටන සහ ලියකියවිලි) 🛂📑
අපේ ලිපි මාලාවේ පළවෙනි කොටසින් අපි කතා කළේ මානසිකව ලෑස්ති වෙන හැටි සහ හරි රට තෝරගන්න හැටි ගැන. අද අපි කතා කරන්නේ ඔයාගේ ගමනේ තීරණාත්මකම කඩඉම ගැනයි. ඒ තමයි “Visa Process” එක!
ගොඩක් අය හිතන්නේ කැම්පස් එකෙන් “Offer Letter” එක ආවා කියන්නේ ගමන ගියා වගේ කියලා. හැබැයි ඇත්තම සටන පටන් ගන්නේ එතනින් පස්සේ.
✅ 1. Offer Letter එක තේරුම් ගැනීම (Conditional vs. Unconditional)
කැම්පස් එකට ඇප්ලයි කළාට පස්සේ ඔයාට ලැබෙන ලියවිල්ල තමයි මේක.
Conditional Offer: මේකෙන් කියන්නේ ඔයාට කැම්පස් එක ලැබිලා තියෙනවා, හැබැයි ඊට කලින් IELTS කරලා පෙන්නන්න ඕන, එහෙමත් නැත්නම් තවත් කුමක් හෝ කොන්දේසියක් (Condition) දාලා තියෙනවා කියන එකයි.
Unconditional Offer: මේක තමයි නියම එක! ඔයාට කිසිම කොන්දේසියක් නෑ, කෙලින්ම Tuition Fee එක ගෙවලා වීසා වලට දාන්න පුළුවන්.
✅ 2. මූල්‍යමය සූදානම හෙවත් “Show Money” පෙන්වීම 💰
වීසා එකක් Reject වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මේක. රට යනවා නම්, “මට එහේ ගිහින් ඉගෙන ගන්න ගමන් ජීවත් වෙන්න සල්ලි තියෙනවා” කියලා එම්බසියට (Embassy) ඔප්පු කරන්න ඕන.
යුරෝපය (උදා: ජර්මනිය): මෙහේදි Sponsor කෙනෙක් පෙන්නනවට වඩා, ඔයාගේ නමටම යුරෝපයේ “Blocked Account” එකක් (උදා: යුරෝ 11,904 ක්) විවෘත කරලා සල්ලි දාන්න වෙනවා. මේක හරිම ආරක්ෂිතයි.
වෙනත් රටවල්: ඔයාගේ Sponsor (අම්මා/තාත්තා) ගේ බැංකු ගිණුමේ මාස 3ක හෝ 6ක ස්ථාවර ශේෂයක් /ස්තීර ආදායමක් (Fixed Deposit හෝ Savings) පෙන්වන්න ඕන.
🛑 ලොකුම වැරැද්ද: එකපාරටම කොහෙන් හරි සල්ලි ගෙනත් එක දවසින් Account එකට දාලා වීසා දාන්න එපා. එම්බසියෙන් ඒ සල්ලි ආපු විදිහ (Source of Funds) අනිවාර්යයෙන්ම හොයනවා.
✅ 3. ලියකියවිලි සහතික කිරීම (Legalization / Apostille) ⚖️
ලංකාවේ තියෙන ඔයාගේ උප්පැන්නෙ, විවාහ සහතිකය, A/L සහතික ඒ විදිහටම පිටරට පිළිගන්නේ නෑ.
ඒවා මුලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් (Ministry of Foreign Affairs) සහතික කරලා, සමහරක් රටවලට ඒ රටට තියන තානාපති කාර්යාලයෙන් (Embassy Legalization) සහතික කරගන්න ඕන. මේකට කාලය යන නිසා කලින්ම වැඩේ පටන් ගන්න.
✅ 4. වීසා සම්මුඛ පරීක්ෂණය (The Visa Interview) 🎤
හැම ලියවිල්ලක්ම හරියට තිබුණත්, ඉන්ටවීව් එකේදී බය වුණොත් වීසා එක Reject වෙන්න පුළුවන්.
එම්බසිය බලන්නේ එකම දෙයයි: “මේ ළමයා ඇත්තටම යන්නේ ඉගෙන ගන්නද? නැත්නම් පැනලා ජොබ් එකක් කරන්නද?” (Genuine Temporary Entrant).
ඔයා යන කැම්පස් එක, ඔයාගේ කෝස් එකේ තියෙන විෂයයන්, ඔයා ජීවත් වෙන්න යන නගරය ගැන අකුරක් නෑර ඔයා දැනගෙන ඉන්න ඕන.
ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න එපා. Confidence එක තමයි වැදගත්ම දේ!
🔥 ඔයාගේ ඊළඟ පියවර මොකක්ද?
වීසා එකක් කියන්නේ ලොතරැයියක් නෙවෙයි. හරියට පියවරෙන් පියවර ලියකියවිලි හැදුවොත් 100% ක්ම වීසා එක ගන්න පුළුවන්.
Ahasa Consultancy අපි මේ හැමදේම (Offer එකේ ඉඳන් Visa Interview Preparation එක දක්වාම) ඔයා වෙනුවෙන් තනි තනිව (Personal One to One Sessions) වලින් සුදානම් කරලා දෙනවා.
ඔයාගේ CV එක සහ අධ්‍යාපන සහතික අපිට එවන්න. අපි අදම ඔයාගේ වැඩේ පටන් ගමු!
📧 Email: inquiries@ahasa.eu
📲 WhatsApp: 077 754 6941
📍 Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
#VisaProcess #StudyAbroad #StudentVisa #SchengenVisa #BlockedAccount #VisaInterview #AhasaConsultancy #RanganaMahesh #stepbystepguide
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Malta | Constructor University | University of Nicosia [Athens Campus]