January 13, 2026

2026 දී කැම්පස් යන ඔයා, 2030 දී එළියට එන්නේ ‘Job’ එකක් නැති ලෝකයකටද?”

AI යුගයේ උපාධියක් තෝරාගැනීමේ අබියෝග​ය! ⚠️🤖

අපි කවුරුත් කැමතියි අපේ දරුවා හෝ අපි උපාධියක් කරනවට. හිතන්න, ඔබ 2026 දී උපාධිය පටන් ගන්නවා. අවුරුදු 4ක් මහන්සි වෙලා, ලක්ෂ ගණන් වියදම් කරලා 2030 දී ඔබ උපාධිය ඉවර කරලා එළියට එනවා.

ඒත් ඔබ එළියට එනකොට, ඔබ ඉගෙන ගත්ත දේ කරන්න “මිනිස්සු” ඕන නැති වුණොත්? 😱

Google හිටපු විශේෂඥයෙක් වන Tristan Harris කියන විදිහට, අපි මේ යන්නේ “The Broken Ladder” (කැඩුණු ඉණිමඟ) කියන උගුලට.

මොකක්ද මේ අවදානම? සාමාන්‍යයෙන් අපි රස්සාව පටන් ගන්නේ “Junior” ලෙවල් එකෙන්. (Junior Lawyer, Junior Coder, Junior Accountant). අපි එතනදි කරන්නේ ලිපි ලේඛන හදන එක, ඩේටා දාන එක වගේ මූලික දේවල්. නමුත් AI තාක්ෂණය (ChatGPT, Claude වගේ දේවල්) දැන් දියුණු වීගෙන එන වේගය අනුව, 2030 වෙද්දි මේ “Junior Level” වැඩ ටික සම්පූර්ණයෙන්ම AI එකට කරන්න පුළුවන් වෙනවා.

කම්පැණි එකක් AI එකට නොමිලේ කරගන්න පුළුවන් වැඩේට, ඔබට පඩියක් ගෙවාගන්න එකක් නෑ. ඉතින් ඔබ කොහොමද Senior වෙන්නේ? ඉණිමඟේ පහල පඩිය (Junior Rung) කැඩිලා!

අපි උදාහරණ දෙකක් බලමු (2030 දී ලෝකය):

🔴 Student A: පරණ විදිහට හිතපු කෙනා (The Risk)

උපාධිය: සාමාන්‍ය Business Administration, Translation හෝ General Coding (IT).

2030 තත්ත්වය: මොහු ඉගෙන ගත්තේ ලිපි ලේඛන හදන්න, භාෂා පරිවර්තනය කරන්න හෝ සාමාන්‍ය කෝඩින් ලියන්න.

ප්‍රතිඵලය: මේ වැඩ ටික AI එකෙන් තත්පර ගාණෙන් කරනවා. මොහුට තරඟ කරන්න වෙන්නේ නින්ද යන්නේ නැති, පඩි ඉල්ලන්නේ නැති රොබෝ කෙනෙක් එක්ක. මොහුගේ උපාධිය “කඩදාසියක්” පමණක් වෙන්න ඉඩ තියෙනවා.

🟢 Student B: අනාගතය දකින කෙනා (The Smart Choice)

උපාධිය: Nursing/Healthcare, Robotics Engineering, Skilled Trades Management, හෝ Psychology.

2030 තත්ත්වය: AI එකකට කෝඩ් ලියන්න පුළුවන් වුණාට, ලෙඩෙක්ට සාත්තු කරන්න (Empathy), කැඩුනු දෙය​ක් හදන්න (Physical Skill) හෝ මිනිස්සුන්ව කළමනාකරණය කරන්න (Leadership) බැහැ.

ප්‍රතිඵලය: 2030 වෙද්දි ලෝකයේ ඉල්ලුම තියෙන්නේ මොහුටයි. මොහු තෝරාගෙන තියෙන්නේ AI එකට ලේසියෙන් අල්ලන්න බැරි “මිනිස් ස්පර්ශය” (Human Touch) සහ “භෞතික ලෝකය” (Physical World) සම්බන්ධ රැකියා.

2026 දී උපාධියක් තෝරන ඔබට මගෙන් උපදෙස් 3ක්:

Thinking Jobs ගැන දෙපාරක් හිතන්න: පරිගණකයක් ඉස්සරහා ඉඳන් කරන, නැවත නැවත කරන වැඩ (Data Entry, Basic Accounting) වගේ දේවල් වලට වඩා, නිර්මාණාත්මක දේවල් තෝරගන්න.

Physical World එක දිනන්න: AI ජීවත් වෙන්නේ සර්වර් (Server) එකක් ඇතුළේ. ඒකට ඇත්ත ලෝකයේ ඇණයක් ගලවන්න බෑ (තවම). ඉංජිනේරු තාක්ෂණය, සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේ දේවල් කවදාවත් නැති වෙන්නේ නෑ.

Human Skills: මිනිස්සු එක්ක කතා කරන, ප්‍රශ්න විසඳන, නායකත්වය දෙන පැත්තට බර වෙන්න. අපි කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්න මිසක් රොබෝ කෙනෙක් එක්ක කතා කරන්න නෙවෙයි.

උපාධියක් කියන්නේ ආයෝජනයක්. ඒක කරන්න ඕන අවුරුදු 4කින් “Expire” වෙන දේකට නෙවෙයි, අනාගතයට වටිනාකමක් එකතු වෙන දේකට.

ඔබේ දරුවාගේ අනාගතය 2030ට ගැලපෙන්න ප්ලෑන් කරන්න, අදම අපිත් එක්ක කතා කරන්න.

Tristan Harris ගේ අදහස් දක්වන වීඩීයෝව පලවෙනි කොමෙන්ටු​වේ

#FutureOfWork #AIRevolution #CareerPlanning #StudyAbroad2030 #SkillShift #ranganamahesh #AhasaConsultancy

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation