March 31, 2026

AI වලින් ඔයාගේ ජොබ් එක නැති වෙයිද? එහෙනම් AI පාලනය කරන කෙනෙක් වෙන්න! – යුරෝපයේ Robotics සහ AI ඩිග්‍රි 🤖⚙️🇪🇺

අපි AI ගැ​න ඇත්ත කතා කරමු:
Artificial Intelligence (AI) නිසා ලෝකේ පුරාම ගොඩක් රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා. සාමාන්‍ය Coding, Data Entry, සහ ඔෆිස් ජොබ්ස් ඉදිරියේදී AI වලින් කෙරෙන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වය ඇතුළේ ඔයාගේ අනාගතය 100% ක් සුරක්ෂිත කරගන්න පුළුවන් හොද​ම විදිහ තමයි—ඒ AI සහ රොබෝවරුන්ව නිර්මාණය කරන, ප්‍රෝග්‍රෑම් කරන කෙනා බවට ඔයා පත්වෙන එක!

ඔයා Engineering, Computer Science හෝ Maths කරපු කෙනෙක් නම්, යුරෝපයේ Robotics සහ AI පැත්තෙන් Master’s ඩිග්‍රියක් කරන එක තමයි 2026 දී ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනාම ආයෝජනය. ඒ ඇයි කියලා අපි බලමු:

✅ 1. “Industry 4.0” (සිව්වන කාර්මික විප්ලවයේ) කේන්ද්‍රස්ථානය යුරෝපයයි 🏭

ජර්මනිය (BMW, Siemens), ස්වීඩනය (Volvo), සහ ෆින්ලන්තය වගේ රටවල් මේ වෙද්දි එයාලගේ කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය (Automate) කරමිනුයි ඉන්නේ. එයාලට නිකම්ම සොෆ්ට්වෙයාර් හද​න අයට වඩා ඕන කරන්නේ, ඒ සොෆ්ට්වෙයාර් (AI) යන්ත්‍ර සූත්‍ර (Robotics) එක්ක එකතු කරලා වැඩගන්න පුළුවන් ඉංජිනේරුවෝ. මේ ජොබ් එක AI එකකට ලේසියෙ​න් Replace කරන්න බෑ.

✅ 2. ඉහළම පඩියකට කෙලින්ම ජොබ් එකක් 💶

යුරෝපයේ කැම්පස් වල මේ ඩිග්‍රි කරන්නේ නිකම්ම පොතේ දැනුමෙන් නෙවෙයි. එයාලා කෙලින්ම ලොකු කම්පැනි එක්ක එකතුවෙලා Research කරන්නේ. ඒ නිසා කැම්පස් එකෙන් අවුට් වෙද්දිම යුරෝ 50,000 ත් 75,000 ත් අතර ආරම්භක Annual Salary තිය​න ජොබ් එකකට යන්න පුළුවන්. මේක තමයි යුරෝපයේ වැඩිම පඩි ගෙවන ෆීල්ඩ් වලින් එකක්.

✅ 3. Startups සහ ව්‍යාපාරික අවස්ථා 🚀

යුරෝපය දැන් AI පර්යේෂණ වෙනුවෙන් බිලියන ගණන් සල්ලි වියදම් කරනවා. ඔයාට අලුත් අදහසක් තියෙනවා නම්, නෙදර්ලන්තය, එස්තෝනියාව වගේ රටවලින් AI කම්පැණියක් පටන්ගන්න විශේෂ වීසා (Startup Visas) සහ සල්ලි (Funding) පවා දෙනවා.

⚖️ රියැලිටි චෙක් එක (Reality Check):

මේක ලේසි ඩිග්‍රියක් නෙවෙයි. Programming (Python, C++), Maths, සහ Machine Learning ගැන ගොඩක් මහන්සි වෙලා ඉගෙනගන්න ඕන. හැබැයි අමාරුවෙන් හරි මේ ඩිග්‍රිය ගොඩදාගත්තොත්, ඔයාගේ මුළු ජීවිතේම ගොඩ! යුරෝපයේ PR එක ගන්න මේ තරම් වටින වෙන ෆීල්ඩ් එකක් නෑ.

Robotics සහ AI වලට හොඳම රටවල්:

ජර්මනිය: වාහන සහ කර්මාන්තශාලා රොබෝ තාක්ෂණයේ අංක 1.
ස්වීඩනය සහ ෆින්ලන්තය: Automation සහ Telecommunications පැත්තෙන් ඉහළම තැනක ඉන්නවා.
නෙදර්ලන්තය: High-tech systems සහ කෘෂිකාර්මික රොබෝ තාක්ෂණයට (Smart Agri) ගොඩක් ප්‍රසිද්ධයි. ලිතුවේනියා Fin-Tech වලට ගොඩක්ම හොදයි.

💡 රංගන මහේෂ්ගේ උපදේශය:

“AI ඇවිත් ඔයාගේ ජොබ් එක ගන්නකම් බලන් ඉන්න එපා. AI පාලනය කරන ඉංජිනේරුවෙක් වෙලා යුරෝපයේ ඉහළම තැනකට යන්න ප්ලෑන් කරන්න.”

ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙනම Engineering හෝ AI කෝස් එකක් යුරෝපයෙන් හොයාගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ ඇති Google Form එක පුරවන්න.

📧 Email: inquiries@ahasa.eu
📲 WhatsApp: 077 754 6941 / 011 7 921 100
📍 Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
#StudyInEurope #Robotics #AIJobs #StudentVisa #EngineeringInEurope #AhasaConsultancy #RanganaMahesh #SriLankanStudents

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation