UK යන අයට Alert එකක්: 2027 ජනවාරි ඉඳන් PSW එක අඩු කරනවා…
මට මේ දවස්වල ගොඩක් මැසේජ් එනවා UK වල Post-Study Work (PSW) වීසා එක අඩු කරන කතාවක් ගැන අහලා. සමහරු අහනවා “2026 September intake එකට ඇප්ලයි කළොත් මට පරණ විදිහටම අවුරුදු 2ක PSW එක හම්බෙයිද?” කියලා.

හරි, ඇත්තම කතාව (Reality check) කියන්නම්. කවුරු හරි ඔයාට “සැප්තැම්බර් ගියොත් අවුරුදු 2ක වීසා එක අහුවෙනවා” කියලා කියනවා නම්, මේක අනිවාර්යයෙන්ම කියවන්න.
- මොකක්ද මේ වෙනස් වෙන නීතිය?
අලුත්ම Immigration නීතිවලට අනුව, 2027 ජනවාරි 1 වෙනිදා ඉඳන් UK වල Master’s සහ Bachelor’s කරන ළමයින්ට දෙන Graduate Visa (PSW) කාලය අවුරුදු 2 (මාස 24) ඉඳන් මාස 18ක් දක්වා අඩු කරනවා. (PhD කරන අයට නම් තාම අවුරුදු 3ම තියෙනවා).
- අවුරුදු 2ක PSW එක ගන්න තියෙන අන්තිම චාන්ස් එක (The 2026 September Reality):
ඔයාට මාස 24ක සම්පූර්ණ PSW එක ඕනෙ නම්, ඔයාගේ PSW වීසා ඇප්ලිකේෂන් එක 2026 දෙසැම්බර් 31ට කලින් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙද්දිත් UK වල ඉගෙන ගන්න, 2026 Summer/Autumn වල ඩිග්‍රිය ඉවර කරන ළමයින්ට මේ එන සැප්තැම්බර්/ඔක්තෝබර් (Sep 2026) තමයි ෆුල් වීසා එකට ඇප්ලයි කරන්න තියෙන අන්තිම සහ හොඳම චාන්ස් එක!
හැබැයි ඔයා අලුතින් 2026 September Intake එකට යන්න ඉන්න කෙනෙක් නම්:
ඔයාගේ 1 Year Master’s ඩිග්‍රිය ඉවර වෙන්නේ 2027 සැප්තැම්බර් වල. ඒ කියන්නේ ඔයා PSW ඇප්ලයි කරද්දී 2027 ජනවාරි 1 පැනලා ඉවරයි. නීතියට අනුව එතකොට ඔයාට හම්බෙන්නේ මාස 18ක වීසා එකක් මිසක් අවුරුදු 2 නෙවෙයි. මේක තමයි ඇත්ත.
“අයියෝ එහෙනම් මාස 18 මදි වෙයිද?”
බයවෙන්න එපා. මාස 18ක් කියන්නෙත් ඔයාට Skilled Worker Visa එකකට (Sponsorship එකක් දෙන ජොබ් එකකට) මාරු වෙන්න හොඳටම ප්‍රමාණවත් කාලයක්. හැබැයි ඒකට ඔයා කැම්පස් යන ගමන්ම, කම්පැනි හොයන High-demand skills ටික (Tech, Analytics, Engineering වගේ) හදාගන්න ඕනේ. නිකම්ම ඩිග්‍රියක් කරලා නම් ජොබ් ගන්න අමාරුයි. අනිත් එක නීති තවත් දැඩි වෙන්න කලින් යන්න තියෙන හොඳම අන්තිම පාරවල් වලින් එකක් තමයි මේ 2026 September Intake එක කියන්නේ.
මම මේවා දාන්නේ ඔයාලව බය කරන්නවත්, සල්ලි අරන් මොකක් හරි කැම්පස් එකක් ප්‍රමෝට් කරන්නවත් නෙවෙයි. නිකම්ම “අවුරුදු 2ක් අනිවා හම්බෙනවා” කියලා හිතාගෙන වැරදි ප්ලෑන් ගහන ළමයින්ට ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙන්නයි.
UK වල හරි, යුරෝපයේ වෙන රටක හරි ඔයාගේ අරමුණට හරියටම ගැලපෙන රට සහ කෝස් එක මොකක්ද කියලා දැනගන්න ඕනේ නම්, ඔයාගේ CV එකයි ප්‍රශ්න ටිකයි අපේ Ahasa WhatsApp එකට (077 754 6941) හරි Email එකට (inquiries@ahasa.eu) හරි දාන්න.
හරියටම ප්ලෑන් කරලා රට යන්න!
View original post on Facebook →
Free consultation
Ready to plan your studies in Europe?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More stories
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University West | Kaunas University of Technology | UCAM Universidad Católica San Antonio de Murcia




