කෘෂිකර්ම හෝ විද්‍යා අංශයෙන් ඉගෙනගත්ත අයට යුරෝපයේ ඉහළම රැකියා: Food Saf

කෘෂිකර්ම හෝ විද්‍යා අංශයෙන් ඉගෙනගත්ත අයට යුරෝපයේ ඉහළම රැකියා: Food Safety & International Regulation උපාධියේ සැබෑ වටිනාකම

Rangana Mahesh2 min read
GermanyNetherlandsVisa & Immigration
කෘෂිකර්ම හෝ විද්‍යා අංශයෙන් ඉගෙනගත්ත අයට යුරෝපයේ ඉහළම රැකියා: Food Saf

ලංකාවේ Agriculture (කෘෂිකර්මය), Food Science (ආහාර විද්‍යාව), Chemistry හෝ Microbiology වගේ අංශවලින් උපාධියක් ගත්තට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි තමන්ගේ සුදුසුකම් වලට සරිලන ඉහළ වැටුපක් සහිත රැකියාවක් (Industrial Job) සොයාගැනීම. හැබැයි ඔයා දන්නවාද, යුරෝපයේ මේ වෙද්දී වැඩිම වටිනාකමක් සහ දැඩි රැකියා ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙන අංශයක් තමයි “Food Safety and International Regulation” (ආහාර සුරක්ෂිතතාව සහ ජාත්‍යන්තර නියාමනය) කියන්නේ.

ඔයාගේ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා, යුරෝපයේ Agriculture, Food Science Labs හෝ Indutrial food processing ආයතනය​ක ඉහළම තනතුරකට යන්න තියෙන මේ අපූරු මාර්ගය ගැන අද අපි කතා කරමු.

යුරෝපයේ Food Safety උපාධියක සැබෑ යථාර්ථය

  • 1. ලෝකයේ දැඩිම ආහාර නීති තියෙන්නේ යුරෝපයේ (Strict EU Food Laws)

යුරෝපා සංගමය (EU) කියන්නේ ලෝකයේ දැඩිම සහ ගුණාත්මකම ආහාර නියාමන නීති (European Food Safety Authority – EFSA) ක්‍රියාත්මක වන කලාපයයි. මේ නිසා යුරෝපයේ ක්‍රියාත්මක වන සෑම ආහාර, කිරි, සහ බීම නිෂ්පාදන සමාගමකටම තම නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරන්න Food Safety Auditors, Quality Assurance Managers සහ Regulatory Affairs Specialists ලා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.

  • 2. ආර්ථික අර්බුද වලට නොසැලෙන රැකියා (Recession-Proof Careers)

ආර්ථිකය කොහොම වෙනස් වුණත් මිනිස්සුන්ට කෑම බීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ රැකියා කවදාවත් නැති වෙන්නේ නැහැ. Nestle, Unilever, Danone වගේ ලෝකයේ දැවැන්තම සමාගම්වල යුරෝපීය මූලස්ථාන වල මේ සඳහා පුරප්පාඩු දහස් ගණනක් පවතින අතර, ඔවුන් සාමාන්‍ය IT හෝ Engineering අංශ වලට සමානම ඉහළ වැටුපක් මේ වෘත්තිකයන්ට ලබා දෙනවා.

  • 3. ඉගෙනගන්න තියෙන හොඳම රටවල් මොනවාද? (Top Study Destinations)

කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ අංක 1 රට වන නෙදර්ලන්තය (Wageningen University වැනි ආයතන), ජර්මනිය, අයර්ලන්තය, ලිතුවේනි​යා සහ ස්වීඩනය මේ සඳහා හොඳම රටවල් වෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ සහ යුරෝපයේ රජයේ විශ්වවිද්‍යාල හරහා ඉතා අඩු පාඨමාලා ගාස්තුවකට (හෝ සම්පූර්ණයෙන්ම නොමිලේ) ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම මේ Master’s උපාධි හැදෑරීමේ අවස්ථාව ඔබට හිමිවෙනවා.

  • 4. පශ්චාත් අධ්‍යයන වීසා වරප්‍රසාද (Post-Study Work Visas)

ඔබේ උපාධිය අවසන් වූ පසු, නෙදර්ලන්තයේ Zoekjaar වීසා එක හරහා වසරක් හෝ ජර්මනියේ මාස 18 ක Job Seeker වීසා එක හරහා අදාළ රටේ රැඳී සිටිමින් මේ දැවැන්ත සමාගම්වල රැකියාවක් සොයාගැනීමට ඔබට නීත්‍යානුකූල අවසරය ලැබෙනවා. යුරෝපයේ ප්‍රමිති ගැන ඉගෙනගත් කෙනෙකුට රැකියාවක් සොයාගැනීම ඉතාමත් පහසුයි.

  • Ahasa වෙනස (The Ahasa Difference):

Agriculture හෝ Food Science කරපු අපේ සිසුන්ට යන්න පුළුවන් සාම්ප්‍රදායික පාරවල් වලින් එහාට ගිය, ලෝකයේ දැවැන්තම සමාගම්වලට යන්න පුළුවන් මේ වගේ අලුත් ක්ෂේත්‍ර (Niches) අපි හඳුන්වා දෙනවා. ඔයාගේ ප්‍රතිඵල වලට හරියටම ගැළපෙන විශ්වවිද්‍යාලය තෝරාගැනීමේ සිට, වීසා අයදුම්පත සම්පූර්ණ කිරීම දක්වාම කිසිම අඩුපාඩුවකින් තොරව මගපෙන්වන්න Ahasa අපේ කණ්ඩායම සූදානම්.

👇 සාමාන්‍ය රසායනාගාරයකට කොටු වෙන්නේ නැතුව, යුරෝපයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පාලනය කරන Food Safety Specialist කෙනෙ​ක් වෙන්න අදම ලෑස්ති වෙමුද?
අදම ඔයාගෙ CV එක පහත අංකයට WhatsApp කරන්න.

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation