Special Webinar Alert: යුරෝපයේ Business ඩිග්‍රියක් කරන්න හිතනවාද?

Rangana Mahesh1 min read
LithuaniaStudy Abroad Tips
Special Webinar Alert: යුරෝපයේ Business ඩිග්‍රියක් කරන්න හිතනවාද?

Baltics වල හොඳම Business School එකෙන් (ISM) ලොකු චාන්ස් එකක්!

ලංකාවේ Business, Management හෝ Economics අංශයෙන් ඉස්සරහට යන්න හිතන අයට යුරෝපයේ තියෙන හොඳම තෝතැන්නක් තමයි ලිතුවේනියාව (Lithuania) කියන්නේ. විශේෂයෙන්ම බෝල්ටික් කලාපයේ (Baltics) ප්‍රමුඛතම ව්‍යාපාරික පාසලක් වෙන ISM University of Management and Economics හරහා ඔයාගේ අනාගතය වෙනස් කරගන්නේ කොහොමද කියලා කෙළින්ම කැම්පස් එකේ නියෝජිතයෙක්ගෙන්ම අහලා දැනගන්න අගනා අවස්ථාවක් මෙන්න.

ඇයි ISM University මේ තරම් විශේෂ වෙන්නේ?

බෝල්ටික් කලාපයේ ප්‍රමුඛතම Business School එකක් වන මෙහි ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ඉහළම ප්‍රමිතියෙන් ඉගැන්වීම.

ලිතුවේනියාවේ අගනුවර වන Vilnius නගරයේ පිහිටා තිබීම නිසා ඉහළ රැකියා අවස්ථා සහ Student life එකක් හිමිවීම.

🎁 මෙම Free Webinar එකට සහභාගී වන ඔබට පමණක් හිමිවන විශේෂ දීමනා:

නොමිලේ Online Certificate Course එකක්: මෙම වෙබිනාර් එකට සහභාගී වන සිසුන්ට ISM හි සැබෑ කථිකාචාර්යවරුන් (Real Lecturers) විසින් පවත්වන කෙටි කාලීන මාර්ගගත සහතික පත්‍ර පාඨමාලාවකට (Online Certificate Course) සහභාගී වීමේ අනගි අවස්ථාව හිමිවේ.

10% ක Tuition Fee Discount එකක්: Ahasa හරහා ISM විශ්වවිද්‍යාලයට අයදුම් කරන අනාගත සිසුන්ට ඔවුන්ගේ පාඨමාලා ගාස්තුවෙන් (Tuition Fee) 10% ක විශේෂ වට්ටමක් හිමිවේ!

වෙබිනාර් එක තියෙන්නේ කවදාද?

දිනය: නොවැම්බර් 5, බ්‍රහස්පතින්දා (Thursday, 5 November)

වේලාව: ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30 ට (7:30 PM SLST)

මාධ්‍යය: Online (සම්පූර්ණයෙන්ම නොමිලේ)

විශේෂ ආරාධිතයා: Ilona Misiuk (International Projects Manager – ISM University)

ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න: WhatsApp 25 464 303

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation