යුරෝපයේ ඉහළම ඉල්ලුමක් තියෙන “Cybersecurity” ඩිග්‍රිය ගැන ශ්‍රී…

Rangana Mahesh2 min read
GermanyLithuaniaStudy Abroad Tips
යුරෝපයේ ඉහළම ඉල්ලුමක් තියෙන “Cybersecurity” ඩිග්‍රිය ගැන ශ්‍රී…

අද ලෝකයේ හැමදේම ඩිජිටල් වෙද්දී, ඒ දත්ත (Data) Secure කරන එක තමයි ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය. යුරෝපයේ GDPR වගේ දැඩි නීති තියෙන නිසා, හැකර්වරුන්ගෙන් තමන්ගේ ආයතන බේරගන්න පුළුවන් දක්ෂ Cybersecurity (සයිබර් ආරක්ෂණ) වෘත්තිකයින්ට යුරෝපයේ කම්පැනි වල හොද Demand එකක් තියනවා.

ඔයා IT හෝ Computer Science කරලා, යුරෝපයේ Master’s එකක් කරන්න ප්ලෑන් කරනවා නම්, මේ වෙලාවේ ඔයාගේ අනාගතය 100% ක් සුරක්ෂිත කරන හොඳම ඩිග්‍රිය තමයි “Cybersecurity” කියන්නේ. ඒ ඇයි කියලා අපි බලමු:

  • 1. AI ආවත් මේ ජොබ් එක නැති වෙන්නේ නෑ! 🤖🚫

“Artificial Intelligence (AI) වල වේගවත් වර්ධනයත් එක්ක සාමාන්‍ය Software Engineering වගේ රැකියා අනාගතයේදී අවදානමකට ලක් වෙයි කියලා ගොඩක් අය බයෙන් ඉන්නේ. හැබැයි Cybersecurity කියන්නේ ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත! අද වෙද්දී හැකර්වරු පවා AI පාවිච්චි කරලා දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේ සංකීර්ණ ප්‍රහාර වලින් ආයතනයක දත්ත පද්ධති බේරගන්න නම්, AI වලට වඩා එහා ගිය තියුණු බුද්ධියක් සහ උපායමාර්ගික හැකියාවක් (Strategic Thinking) තියෙන මිනිස්සු අනිවාර්යයෙන්ම ඕන කරනවා. Cybersecurity කියන්නේ AI වලට ලේසියෙන් රිප්ලේස් කරන්න බැරි, අනාගතය 100% ක් සුරක්ෂිත ෆීල්ඩ් එකක්!”

  • 2. ඉහළම පඩියකට ජොබ් එකක් 💶

ජර්මනිය, අයර්ලන්තය, සහ ලිතුවේනියාව වගේ රටවල මේ අංශයේ රැකියා පුරප්පාඩු දහස් ගණනක් තියෙනවා. Cybersecurity Master’s එකක් ඉවර කරපු කෙනෙකුගේ ආරම්භක පඩිය සාමාන්‍යයෙන් යුරෝ 45,000 ත් 65,000 ත් අතර වෙනවා. ඒ කියන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකොටම ඔයා යුරෝපයේ ඉහළම පඩි ගන්න කාණ්ඩයට වැටෙනවා.

  • 3. ඉක්මනින්ම EU Blue Card සහ PR එක ගන්න පුළුවන් පාර 🛂

ගොඩක් යුරෝපීය රටවල Cybersecurity කියන්නේ “High-Demand Shortage Occupation” (අඩුපාඩු ඇති, ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තියක්) විදිහට නම් කරලා තියෙන්නේ. ඒ නිසා ජොබ් එකකට ගිය ගමන් EU Blue Card එක අරගෙන, ඉක්මනින්ම යුරෝපයේ ස්ථිර පදිංචියට (PR) යන්න මේක ලේසිම පාරක්.

රියැලිටි චෙක් එක (Reality Check)

Cybersecurity කියන්නේ ලේසි ඩිග්‍රියක් නෙවෙයි. Networking, Programming ගැන හොඳ දැනුමක් සහ අලුත් දේවල් ඉගෙනගන්න ලොකු කැපවීමක් තියෙන්න ඕන. හැබැයි සාමාන්‍ය IT ඩිග්‍රියක් කරලා ජොබ් හොයන්න රස්තියාදු වෙනවට වඩා, මේ අමාරු ඩිග්‍රිය කළොත් ඔයාගේ අනාගතය 100% ක් ගොඩ.

Cybersecurity වලට හොඳම රටවල්

ජර්මනිය: ලෝකේ ලොකුම වාහන සහ කර්මාන්තශාලා වල (Volkswagen, Mercedes-Benz, BMW, Audi, and Porsche) සිස්ටම් ආරක්ෂා කරන්න සයිබර් විශේෂඥයින් ගොඩක් ඕන කරනවා.
අයර්ලන්තය: Google, Meta, Apple වගේ ලෝකේ ලොකුම IT කම්පැනි වල යුරෝපීය මූලස්ථාන තියෙන්නේ මෙහේ.
ලිතුවේනියාව: Nord Security වගේ ලෝක ප්‍රසිද්ධ සයිබර් ආරක්ෂණ සමාගම් බිහිවුණේ මේ රටෙන්.

රංගන මහේෂ්ගේ උපදේශය

“යාළුවා කරන නිසා නිකම්ම ඩිග්‍රියක් කරන්න එපා. ලෝකෙට ඕන කරන (High-Demand) ස්කීල් එකක් තියෙන ඩිග්‍රියක් කළොත් තමයි යුරෝපයේදී ඔයාගේ වටිනාකම වැඩි වෙලා ඉක්මනින් PR ගන්න පුළුවන් වෙන්නේ.”

ඔයාගේ CV එකට ගැලපෙනම යුරෝපීය කෝස් එක තෝරගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ ඇති Google Form එක පුරවන්න.

  • 📧 Email: inquiries@ahasa.eu
  • 📲 WhatsApp: 077 754 6941 / 011 7 921 100
  • Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Germany?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Germany

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation