කවුරුත් වැඩිය කතා නොකරන, හැබැයි යුරෝපයේ Settle වෙන්න තියෙන සුපිරිම…

රට ගිහින් ඉගෙනගෙන එහේම ජොබ් එකක් කරනවා කිව්වම අපේ ගොඩක් අයගේ ඔළුවට එන්නේ UK වල අවුරුදු 2ක වීසා එක, නැත්නම් කැනඩාවේ PGWP එක විතරයි.

Rangana Mahesh3 min read
FinlandGermanySwedenVisa & Immigration
කවුරුත් වැඩිය කතා නොකරන, හැබැයි යුරෝපයේ Settle වෙන්න තියෙන සුපිරිම…

හැබැයි ඔයා දන්නවද යුරෝපයේ (Schengen) රටවල් ගණනාවක, ඊටත් වඩා ලේසියෙන් ජොබ් එකක් හොයාගෙන PR එකට යන්න පුළුවන් සුපිරිම “Post-Graduation Work Permits” තියෙනවා කියලා?

යුරෝපයට ගොඩක් දක්ෂ වෘත්තිකයින් අවශ්‍ය වෙලා තියෙන නිසා, එයාලා මේ වෙද්දි ජාත්‍යන්තර සිසුන්ට එහේම රැඳෙන්න ලොකු අවස්ථා දීලා තියෙනවා. මේ තියෙන්නේ ගොඩක් අය නොදන්න ඒ වගේ “Hidden Gems” 5ක්!

  • 1. ජර්මනිය: මාස 18ක Job Seeker Visa එක 🇩🇪

ජර්මනිය කියන්නේ රහසක් නෙවෙයි වුණත්, එයාලගේ මේ වීසා එක ගැන ගොඩක් අය හරියට දන්නේ නෑ.
අවස්ථාව: ජර්මනියේ ඩිග්‍රියක් ඉවර කරපු ගමන්, ඔයාගේ ෆීල්ඩ් එකෙන් ජොබ් එකක් හොයාගන්න රජයෙන් මාස 18ක (අවුරුදු 1 1/2) වීසා එකක් දෙනවා.
විශේෂත්වය: මේ මාස 18 ඇතුළත ඔයාට ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕනෑම ජොබ් එකක් (Full-time හෝ Part-time) කරන්න අවසර තියෙනවා. ෆීල්ඩ් එකේ ජොබ් එකක් සෙට් වුණ ගමන් work permit එකට මාරු වෙන්න පුළුවන්.

✅ 2. නෙදර්ලන්තය: “Orientation Year” (Zoekjaar) වීසා එක 🇳🇱
උගත් අයට ඉහළම තැනක් දෙන නෙදර්ලන්තයෙන් දෙන මේ වීසා එක හරිම සුවිශේෂියි.
අවස්ථාව: ජොබ් එකක් හොයන්න හරි බිස්නස් එකක් පටන්ගන්න හරි අවුරුද්දක (1 Year) වීසා එකක් දෙනවා.
විශේෂත්වය: මේක ඩිග්‍රිය ඉවර වුණ ගමන්ම ගන්න ඕන නෑ. ඩිග්‍රිය ඉවර වෙලා අවුරුදු 3ක් ඇතුළත ඕනෑම වෙලාවක මේක ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ඔයා ලෝකේ පිළිගත්තු Top 200 කැම්පස් එකකින් (වෙන රටක වුණත්) ඩිග්‍රිය කරලා තියෙනවා නම්, ඔයාටත් මේ නෙදර්ලන්ත වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්!

✅ 3. ෆින්ලන්තය: අවුරුදු 2ක සුපිරි වීසා එක 🇫🇮
ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න ෆින්ලන්තය, දැන් දක්ෂ ළමයින්ව එහේම තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා.
අවස්ථාව: අලුත් නීති වලට අනුව ෆින්ලන්තයේ ඩිග්‍රියක් කරන අයට ජොබ් එකක් හොයන්න දැන් කෙලින්ම අවුරුදු 2ක (2 Years) වීසා එකක් දෙනවා!
විශේෂත්වය: මේ අවුරුදු 2ම එකපාර දෙන නිසා, අවුරුද්දෙන් අවුරුද්ද වීසා අලුත් කරන්න රස්තියාදු වෙන්න ඕන නෑ.

✅ 4. ස්වීඩනය: මාස 12ක Job Search වීසා එක 🇸🇪
Spotify, IKEA වගේ ලෝකෙම හොල්ලන බ්‍රෑන්ඩ්ස් තියෙන ස්වීඩනය IT සහ Business කරන අයට කියාපු රටක්.
අවස්ථාව: ජොබ් එකක් හොයන්න මාස 12ක වීසා එකක් දෙනවා.
විශේෂත්වය: ඔයා ජොබ් එකකට ගියොත්, ඔයා ඉගෙන ගත්තු කාලය සහ මේ ජොබ් එක හෙව්ව කාලය කියන දෙකම, ස්වීඩනයේ PR එක ගන්න අවශ්‍ය අවුරුදු 4ට එකතු වෙනවා.

✅ 5. අයර්ලන්තය: අවුරුදු 2ක Graduate Scheme එක 🇮🇪
Google, Meta, Apple වගේ ලෝකේ ලොකුම IT කම්පැනි වල යුරෝපීය මූලස්ථාන තියෙන්නේ අයර්ලන්තයේ.
අවස්ථාව: Master’s එකක් කළොත් අවුරුදු 2ක වීසා එකක් ලැබෙනවා. (Bachelor’s එකකට අවුරුද්දයි).
විශේෂත්වය: අයර්ලන්තය 100% ක් ඉංග්‍රීසි කතා කරන රටක් නිසා, වෙන භාෂාවන් ඉගෙන ගෙන දුක් විඳින්නේ නැතුව කෙලින්ම ජොබ් මාර්කට් එකට යන්න ලාංකික සිසුන්ට හරිම ලේසියි.

රංගන මහේෂ්ගේ උපදේශය

“හැමෝම යන රටවල් පස්සේ විතරක් යන්න එපා. යුරෝපයේ මේ වගේ රටවල් වල, ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ ජොබ් එකකට ගිහින් PR ගන්න පැහැදිලි නීත්‍යානුකූල පාරවල් තියෙනවා.”

අපි Ahasa Consultancy එකෙන් කරන්නේ ඔයාට නිකම්ම ස්ටුඩන්ට් වීසා එකක් අරන් දෙන එක නෙවෙයි. ඔයාගේ අධ්‍යාපන සහ රැකියා අරමුණු වලට හරියටම ගැලපෙන රට සහ Pathway එක අපි ප්ලෑන් කරලා දෙනවා.

අදම ඔයාගේ CV එක අපිට එවන්න. නැතිනම් පලවෙනි කොමෙන්ටුවේ ඇති Google Form එක පුරවන්න.

Email: inquiries@ahasa.eu

  • 📲 WhatsApp: 077 754 6941 / 011 7 921 100
  • Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation