ජීවිතේ පළවෙනි වතාවට රට යන්න හදන ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල්…
රට යනවා කියන්නේ ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ දකිනවා වගේ හිම වැටෙන පාරවල් වල ලස්සන කෝට් එකක් දාගෙන ෆොටෝ ගහන එක විතරක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු කට්ටක්, කැපකිරීමක් සහ නිවැරදි සැලසුමක් තියෙනවා.

අපි අද ඉඳන් පටන් ගන්නවා පළවෙනි වතාවට රට යන්න ඉන්න අයට, මුල ඉඳන් අගටම කරන්න ඕන දේවල් ගැන කියල දෙන Article Series එකක්. අද කතා කරන්නේ මූලික අඩිතාලම (The Foundation) ගැනයි.
- 1. මානසික සූදානම (Mental Preparation) 🧠
රට යන්න කලින් ඔයාගේ හිත හදාගන්න ඕන ප්‍රධානම දේ තමයි, “මම යන්නේ කට්ටක් කාලා ජීවිතේ ගොඩදාගන්න” කියන එක. ලංකාවේ අම්මා තාත්තා උයලා දෙන කෑම කාලා, රෙදි ටික හෝදලා දීලා තිබුණ කාලේ එහේට ගියාම ඉවරයි. උයන එකේ ඉඳන්, බිල ගෙවන එක, පාට්-ටයිම් ජොබ් එක කරන ගමන් කැම්පස් යන එක මේ හැමදේම තනියම කරන්න ඔයා මානසිකව ලෑස්ති වෙන්නම ඕන.
- 2. යහළුවන් පස්සේ නොයා, තමන්ට හරියන රට තෝරාගැනීම 🗺️
“මගේ යාළුවා UK ගියා, මාත් යනවා” කියන එක තමයි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද.
රටක් තෝරගද්දි මේ දේවල් 3 බලන්න:
ඔයාගේ බජට් එක: කැනඩාවට යන්න ලක්ෂ 60ක් යනවා නම්, ඒ ඩිග්‍රියම ලිතුවේනියාවේ හෝ ජර්මනියේ ලක්ෂ 15-20 කින් කරන්න පුළුවන්.
Course එකේ ඉල්ලුම: ඔයා කරන කෝස් එකට ඒ රටේ ජොබ් තියෙනවද?
PR (ස්ථිර පදිංචිය) අවස්ථා: ඉගෙන ගත්තට පස්සේ ඒ රටේම නැවතිලා PR ගන්න තියෙන නීති ලේසිද? (උදා: ජර්මනියේ EU Blue Card ක්‍රමය ඉතා පහසුයි).
- 3. මූලික ලියකියවිලි ලෑස්ති කිරීම (The Paperwork) 📂
හීන මැව්වට මදි, අදම මේ ටික ලෑස්ති කරගන්න පටන් ගන්න.
Passport එක: තාම පාස්පෝට් එකක් නැත්නම් අදම ඒක හදාගන්න.
සහතිකපත් භාෂාපරිවර්තනය (Translations): ඔයාගේ උප්පැන්න සහතිකය, O/L සහ A/L සහතික ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් (Ministry of Foreign Affairs) සහතික කරගන්න.
CV සහ SOP: ජාත්‍යන්තර මට්ටමේ Standard CV එකක් හදාගන්න එක අනිවාර්යයි.
- 4. ඇත්තම මූල්‍ය සැලසුම (Financial Reality Check) 💰
ඔයාට අවශ්‍ය වෙන ප්‍රදානම වියදම් ටික මේකයි:
University Tuition Fee එක (සමහර යුරෝපීය රටවල මෙය නොමිලේ).
පළමු මාස කිහිපයේ කෑම බීම සහ නවාතැන් වියදම.
වීසා ගාස්තු සහ ගුවන් ටිකට්පත් වල වියදම.
Show Money (Blocked Account): වීසා එක ගන්න නම්, ඔයාට අවුරුද්දක් ජීවත් වෙන්න සල්ලි තියෙනවා කියලා පෙන්නන්න ඕන. (උදා: ජර්මනියට යුරෝ 11,904ක් අවශ්‍යයි).
ඔයාගේ ඊළඟ පියවර මොකක්ද?
මේ අඩිතාලම හරියට දාගත්තොත්, ඔයාගේ ගමනේ 50% ක්ම සාර්ථකයි. ඔයාට ගැලපෙනම රට සහ කැම්පස් එක මොකක්ද කියලා තාම හිතාගන්න බැරිද?
ඔයාගේ CV එක සහ අධ්‍යාපන සහතික අපිට එවන්න. අපි Free Assessment එ කක් කරලා, ඔයාට යන්න පුළුවන් හොඳම රට අපි තෝරලා දෙන්නම්.
ඊළඟ ලිපියෙන් අපි කතා කරමු “Offer Letter එකක් ගන්නේ කොහොමද සහ වීසා ඉන්ටවීව් (Visa Interview) එකට මුහුණ දෙන්නේ කොහොමද?” කියලා.
- 📧 Email: inquiries@ahasa.eu
- 📲 WhatsApp: 077 754 6941
- Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Germany?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Germany
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: EKA (University of Economics and Culture) | Vilnius University | VIVES University of Applied Sciences




