🚨 සවිස්තරාත්මක විග්‍රහය: ඩිග්‍රිය කරන ගමන් තමන්ගේම බිස්නස් එකක්…
ඔයා යුරෝපයට යන්න හදන්නේ Study කරලා ජොබ් එකක් කරන්න විතරක් නෙවෙයිද?

යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම Freelancing, E-commerce ව්‍යාපාරයක් හරි Tech Startup එකක් හරි පටන් ගන්න හීනයක් ඔයාට තියෙනවාද?
මෙන්න මේකයි ඇත්තම තත්ත්වය: යුරෝපයේ සමහර රටවල් වල Student Visa එකෙන් තමන්ගේම බිස්නස් එකක් රෙජිස්ටර් කරන එක නීතියෙන් සීමා කරලයි තියෙන්නේ. හැබැයි ඔයා මේ පහළ තියෙන රටවල් 6 න් එකක් තෝරගත්තොත්, ඔයාගේ බිස්නස් එක ගොඩනගන්න ඒ රටවල් වලින්ම ලොකු සහයෝගයක් දෙනවා.
පළමු කොටස: බෝල්ටික් කලාපය (ලිතුවේනියාව 🇱🇹, ලැට්වියාව 🇱🇻, එස්තෝනියාව 🇪🇪)
එස්තෝනියාවේ e-Residency: ලෝකයේ e-Residency දෙන පළවෙනි රට. ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් යුරෝපයේ කම්පැනියක් රෙජිස්ටර් කරලා ගෙදර ඉදන්ම එකේ ඉඳන්ම ලෝකෙම එක්ක බිස්නස් කරන්න.
(මේක ටිකක් විස්තරාත්මකව කියන්න පුලුවන්, අවශ්‍යනම් Comment එකක් දාන්න මම වෙනම ලියන්නම්.)
Startup Visas: ඔයාට හොඳ IT හෝ බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් ලිතුවේනියාව සහ ලැට්වියාව විශේෂ Startup වීසා ලබා දෙනවා. ඔයා ඉගෙන ගන්න ගමන් උනත් Company එකක් register කරලා වැඩ කරගෙන යන්න පුලුවන්. ඔයා දැනට තියන බිස්නස් එකක් Relocate කරනවා නම් මේක වෙනස් වෙනවා.
Freelance කිරීම: ඔයා Software Developer, Graphic Designer කෙනෙක් නම් නිදහසේ ඔන්ලයින් වැඩ කරලා යුරෝ හොයන්න (Freelancing) මේ රටවලදී කිසිම නීතිමය බාධාවක් නෑ.
දෙවන කොටස: ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල් (නෙදර්ලන්තය 🇳🇱, ජර්මනිය 🇩🇪, ෆින්ලන්තය 🇫🇮)
නෙදර්ලන්තය (Good Foundation)
ඩිග්‍රිය ඉවර වුණ ගමන් ඔයාට අවුරුද්දක Zoekjaar වීසා එක ලැබෙනවා. අපි මේ ගැන කලින් Article එකකත් කතා කලා. Study කරන ගමන් ඔයාට පුළුවන් ඔයාගේ කම්පැනිය නිල වශයෙන් රෙජිස්ටර් කරන්න. මේක මුලින්ම Self Employment එකෙන් පටන් ගන්නත් පුලුවන්.
ජර්මනිය (රජයෙන්ම සල්ලි දෙන රට): ජර්මනියේ සාමාන්‍ය Freelancing කරන්න සමහර කොන්දේසි තිබ්බට, ඔයාට අලුත් Tech අයිඩියා එකක් තියෙනවා නම් රජයේ EXIST Grant එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක පාස් වුණොත් ඔයාගේ බිස්නස් එක ගොඩනගන්න රජයෙන්ම ලොකු මුදලක් වගේම ඔයාගේ ජීවන වියදමත් ගෙවනවා. ( මේ EXIST Grant එක Tech Startups වලට)
ෆින්ලන්තය (උපරිම නිදහස): ඔයාගේ ඩිග්‍රිය හරියට කරනවා නම්, ඩිග්‍රිය කරන ගමන්ම ව්‍යාපාරයක් (Self-employed) කරන්න ෆින්ලන්තයේ නීතියෙන් අවසර තියෙනවා. ඒ වගේම ඩිග්‍රිය ඉවර වෙද්දී ඔයාගෙ Company එක Stable කරගත්තොත් විශේෂ Startup Permit එකට ඇප්ලයි කරලා PR එකට යන්නත් පුළුවන්.
- Ahasa විශේෂත්වය: ව්‍යාපාරික උපදේශනයත් අපෙන්මයි!
නෙදර්ලන්තයට ඇවිත් සාර්ථක ව්‍යාපාර ගොඩනගපු, PR තියෙන කෙනෙක් විදිහට, යුරෝපයේ බිස්නස් නීති ගැන මට ලොකු අත්දැකීමක් තියෙනවා. අපෙන් එන ළමයින්ට (විශේෂයෙන්ම Erasmus Internships එක්ක) යුරෝපයේ ව්‍යාපාරිකයෙක් විදිහට නැගීසිටින්න අවශ්‍ය මගපෙන්වීම අපි පෞද්ගලිකවම ලබා දෙනවා.
යුරෝපයේ ඉගෙන ගන්න ගමන් ඔයාගේම බිස්නස් එකක් පටන් ගමුද?
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Finland?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Finland
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Wittenborg University of Applied Sciences | Institute of Tourism Studies (ITS) Malta | Wroclaw University




