May 14, 2026

යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධති වලින් එකක්.

යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධති වලින් එකක්. හැබැයි ඒක වැඩ කරන විදිහ ඔයා දන්නේ නැත්තම්, සුළු අනතුරකට හරි යුරෝ දහස් ගණනක බිලක් ඔයාට ගෙවන්න වෙන්න පුළුවන්.

ලංකාවේ ළමයි ගොඩක් දෙනෙක් යුරෝපයට යන්නේ මේ නීති ගැන කිසිම අවබෝධයක් නැතුවයි. ඔයාගේ සෞඛ්‍යය වගේම ඔයාගේ සල්ලි ටික ආරක්ෂා කරගන්න නම්,

රටට ගියපු ගමන් මේ දේවල් 3 අනිවාර්යයෙන්ම කරන්න ඕනේ:

✅ 1. කෙලින්ම Hospital යන්න බෑ (GP කෙනෙක් ඕනේ)

ලංකාවේ වගේ අපිට ඕනේ වෙලාවක පෞද්ගලික රෝහලකට ගිහින් විශේෂඥ වෛද්‍යවරයෙක්ව (Specialist) හම්බවෙන්න යුරෝපයේ බැහැ. හදිසි අනතුරක් (Emergency – 112) හැරෙන්න අනිත් හැම ලෙඩකටම ඔයා මුලින්ම පවුලේ වෛද්‍යවරයෙක් (General Practitioner / GP) ළඟ ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ. ඉස්පිරිතාලෙකට යන්න පුළුවන් ඒ GP වෛද්‍යවරයා ලියුමක් (Referral) දුන්නොත් විතරයි.

✅ 2. සෞඛ්‍ය රක්ෂණය (Health Insurance) අනිවාර්යයි

වලංගු Health Insurance එකක් නැතුව ඔයාට රෙජිස්ටර් වෙන්නවත්, වීසා එක තියාගන්නවත් බෑ. මේක නීතියක්. සමහර රටවල රජයේ රක්ෂණ අනිවාර්ය වෙන අතර, තවත් රටවලට පෞද්ගලික රක්ෂණ දාන්න පුළුවන්. මේ Insurance එක කවදාවත් Expire වෙන්න දෙන්න එපා,

✅ 3. යුරෝපය පුරාම වලංගු EHIC කාඩ්පත

ඔයා යුරෝපයේ ඉගෙනගන්න ගමන් නිවාඩුවට වෙනත් ෂෙන්ගන් (Schengen) රටකට ගියොත්, එහේදී වෙන හදිසි අනතුරු වලටත් ඔයාගේ Insurance එකෙන් කවර් කරනවා. ඒ සඳහා ඔයාගේ රක්ෂණ සමාගමෙන් දෙන EHIC (European Health Insurance Card) එක අනිවාර්යයෙන්ම ලබාගන්න.

👇 වීසා එක විතරක් නෙවෙයි, ඔයාගේ ආරක්ෂාව ගැනත් හිතන තැනකින් වැඩ පටන් ගමුද?

පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක දැන්ම පුරවන්න.

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation