🚨 Student Visa Extension එක (Renewal) Reject වුණොත් ඊළඟට මොකද…

කැම්පස් එකේ ඩිග්‍රිය කරද්දී හරි ඉන් පසුව හරි Visa Renewal එක Reject වුණොත් ගොඩක් ළමයි කලබල වෙනවා. හැබැයි මේක ඔයාගේ යුරෝපීය ගමනේ අවසානය නෙවෙයි. වීසා එකක් ප්‍රතික්ෂේප වුණාම නීත්‍යානුකූලව ගන්න පුළුවන් පියවර ගැන හරියටම දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

Rangana Mahesh2 min read
GermanyNetherlandsVisa & Immigration
Student Visa Extension එක (Renewal) Reject වුණොත් ඊළඟට මොකද…

ජර්මනිය සහ නෙදර්ලන්තය වගේ රටවල් වල මේ සඳහා තියෙන නීතිමය ක්‍රමවේද මෙන්න:

  • 1. අලුතින් Application එකක් දැමීම (New Application)

ගොඩක් වෙලාවට වීසා ප්‍රතික්ෂේප වෙන්නේ ලියකියවිලි (Documents) වල අඩුපාඩු, මූල්‍ය ශක්තිය පෙන්වීමේ ගැටලු (Blocked Account මුදල මදි වීම) හෝ සෞඛ්‍ය රක්ෂණයේ (Health Insurance) ඇති වැරදි නිසයි.
මේ සඳහා “Cooling period” එකක් නැති නිසා, අඩුපාඩු හදාගෙන නැවත අලුතින් ඇප්ලයි කරන්න පුළුවන්. ( බොහෝ වෙලාවට මේකට Deadline එකක් දෙන්න පුලුවන්, ඒකට Submit කරන්න බැරිනම් Extention එකක් ඉල්ල ගන්න.

  • 2. නෙදර්ලන්තයේ නීතිය (IND Objection Process) 🇳🇱

නෙදර්ලන්තයේ වීසා එකක් Reject වුණොත්, ඒ තීරණයට විරුද්ධව අභියාචනයක් (Objection) ඉදිරිපත් කරන්න ඔයාට හරියටම සති 4ක (දින 28ක) කාලයක් ලැබෙනවා.
මේ අභියාචනය ගැන තීරණයක් ගන්න නෙදර්ලන්තයේ IND ආයතනයට සති 12ක කාලයක් තියෙනවා.
ඔවුන් එම අභියාචනයත් ප්‍රතික්ෂේප කළොත්, එතැන් සිට සති 4ක් ඇතුළත අධිකරණයට (Court) යන්න ඔයාට නීතියෙන් ඉඩ තියෙනවා.

  • 3. ජර්මනියේ අලුත්ම නීතිය (2025/2026 වෙනස) 🇩🇪

ඉතා වැදගත්: 2025 ජූලි 1 වෙනිදා ඉඳන් ජර්මනියේ වීසා අභියාචනා (Remonstration) නොමිලේ කරන ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා.
ඒ වෙනුවට දැන් තියෙන එකම විකල්පය තමයි බර්ලින් පරිපාලන අධිකරණයේ (Berlin Administrative Court) නීත්‍යානුකූල නඩුවක් ගොනු කිරීම.
Reject ලියුම ලැබිලා හරියටම මාසයක් ඇතුළත මේ නඩුව ගොනු කරන්නම ඕනේ.
මේක ටිකක් සංකීර්ණ වගේම, අධිකරණ ගාස්තු (යුරෝ 483ක් පමණ) ගෙවන්න වෙන, මාස ගණනාවක් යන ක්‍රමයක්.

නිවැරදිව වැඩ කරන්නේ කොහොමද?

හේතුව හරියටම කියවන්න: Reject වීමට හේතුව ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, ඒ වගේම අදාළ ආයතන වලින් මේ ගැන වෙනම අමතර විස්තර කරන්නේ නෑ.
කාලය (Deadlines) ගැන සැලකිලිමත් වෙන්න: සති 4ක හෝ මාසයක නියමිත කාලය පහු වුණොත්, නීතියෙන් පිහිටක් ගන්න තියෙන අයිතිය නැතිවෙනවා.
වෘත්තීය සහය ලබාගන්න: විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා නම් නීතිඥයෙකුගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍යයි.

  • වීසා එකක් Reject වීම බරපතල වුණත්, කලබල නොවී අඩුපාඩු හදාගත්තොත් ඒක ගොඩදාගන්න පුළුවන්. යුරෝපයේ නීති වලට අනුකූලව ඔයාගේ මුල්‍ය ලියකියවිලි (Financial documents) සහ රක්ෂණාවරණ නිවැරදිව හදාගන්න අපි ඔයාට පෞද්ගලිකවම මගපෙන්වනවා.

ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.

රංගන මහේෂ්.

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation