“ලෝකයේ හොඳම අධ්‍යාපනයක් තිබිලත්, ඇයි අපි නෙදර්ලන්තය (Netherlands)…
ගොඩක් අය යුරෝපය කිව්වම දුවන්නේ එක්කෝ ජර්මනියට, ස්වීඩනයට, නැත්නම් ප්‍රංශයට. හැබැයි මේ ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමයක් තියෙන “නෙදර්ලන්තය” (Netherlands) ගැන ගොඩක් අයට හරි අවබෝධයක් නෑ.

Students Reviews දත්ත සහ මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, ජාත්‍යන්තර සිසුන්ගේ “Top Choice” එකක් වෙන්න හේතු 5ක් මෙන්න. 👇
- භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි (95% English Speaking)
ජර්මනියට, ප්‍රංශයට ගියොත් ඒ භාෂාව නැතුව පාරක යන්න අමාරුයි.
හැබැයි නෙදර්ලන්තයේ ජනගහනයෙන් 95% කට ඉංග්‍රීසි පුළුවන්.
ඔබේ උපාධිය (Bachelors/Masters) සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
පාරේ තොටේ, කඩේට ගියාම ඉංග්‍රීසියෙන් වැඩේ කරගන්න පුළුවන් ලේසිම යුරෝපීය රට මෙයයි.
- “කට පාඩම්” ක්‍රමයට තිත! (Interactive Learning)
නෙදර්ලන්තයේ තියෙන්නේ “Problem-Based Learning”.
ඔබ කෙලින්ම මහාචාර්යවරු එක්ක වාද කරන්න ඕන. ප්‍රශ්න විසඳන්න ඕන.
මේ ක්‍රමය නිසා උපාධිය ඉවර වෙද්දි ඔබ නිකම්ම උපාධිධාරියෙක් නෙවෙයි, ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් “වැඩ්ඩෙක්” වෙනවා.
- රන් දොරටුව: “Orientation Year Visa” (Zoekjaar) 🎫
මේක තමයි ලංකාවේ අපිට තියෙන ලොකුම වාසිය.
ඔබ නෙදර්ලන්තයේ උපාධියක් සම්පූර්ණ කළාට පස්සේ, ඔබට අවුරුදු 1ක වීසා එකක් ලැබෙනවා රස්සාවක් හොයන්න.
මේ කාලය ඇතුළත ඔබට ඕනම රස්සාවක් කරන්න පුළුවන්.
ඊට පස්සේ “Highly Skilled Migrant” වීසා එකට මාරු වෙලා ස්ථිර පදිංචියට (PR) යන්න පාර කැපෙනවා.
- අත හිත දෙන ශිෂ්‍යත්ව (Scholarships) 💰📉
නෙදර්ලන්තය ගණන් වැඩි වුණාට, දක්ෂ ළමයින්ට ඒ බර අඩු කරගන්න ක්‍රම තියෙනවා.
NL Scholarship (Holland Scholarship): යුරෝපීය නොවන සිසුන් සඳහා පිරිනමන මෙය මගින් යුරෝ 5,000ක් (රු. ලක්ෂ 16-18 ක් පමණ) පළමු වසරේදී ලබා දෙනවා.
University Specific Scholarships: Maastricht, Utrecht, Delft වගේ විශ්වවිද්‍යාල වලින් ඉහළ දක්ෂතා ඇති සිසුන්ට (High Potential Students) සම්පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව පිරිනමනවා.
මම වසර 5කට වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෙදර්ලන්තයේ. ඒ නිසා මම එහේ තත්ත්වය, රැකියා වෙළඳපොළ සහ ජීවන රටාව දන්නේ අන්තර්ජාලයෙන් බලලා නෙවෙයි.
සාර්ථක ඉතිහාසය: අපි මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් සාර්ථකව නෙදර්ලන්තයට යවා තිබෙනවා.
මගේ “Rangana Mahesh” YouTube Channel එකෙන් නෙදර්ලන්තය ගැන වීඩියෝස් ගොඩක් බලන්න පුලුවන්.
✅ මම කරපු University Tours (විශ්වවිද්‍යාල ඇතුළටම ගිහින්).
✅ නෙදර්ලන්තයේ ලස්සන තැන්.
✅ අපි හරහා ගිය ළමයි එයාලගේ ඇත්ත අත්දැකීම් කියන වීඩියෝ (Client Testimonials).
මේ හැමදේම බලලා තීරණය කරන්න.
අවසාන වශයෙන්
නෙදර්ලන්තය කියන්නේ “බජට්” රටක් නෙවෙයි. හැබැයි, ඔබට ශිෂ්‍යත්වයක් දාගෙන යන්න පුළුවන් නම්, සහ ඔබේ ටාගට් එක “ලෝක මට්ටමේ පිළිගැනීමක්” නම්, මීට වඩා හොඳ තැනක් නෑ.
Study in The Netherlands ගැන උපදෙස් අරන් වැඩේ ගොඩදාගන්න, අදම පලමුවෙනි කොමෙන්ටුවේ ඇති Google Form එක පුරවන්න.
YouTube Channel: Rangana Mahesh
Free consultation
Ready to plan your move to Germany?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Germany
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: ISM University of Management and Economics | LBTU (Latvia University of Life Sciences and Technologies) | International Business School (IBS)




