January 22, 2026

“ලක්ෂ 25 ද? 50 ද? කෝටියක්ද?” – ඔබේ සාක්කුවට ගැලපෙන යුරෝපීය රට හරියටම තෝරාගන්න! (Full Breakdown) 📊🇱🇰

මට දවසකට එන කෝල්ස් වලින් වැඩිපුරම අහන්නේ, “සර්, මගේ අතේ තියෙන්නේ ලක්ෂ 30/40යි. මට හරියන රට මොකක්ද?” කියන එක.

යුරෝපය කියන්නේ එක රටක් නෙවෙයි. රටවල් 27ක්. මේ එක් එක් රටේ වියදම අහසට පොළව වගේ වෙනස්.

ඔබේ පහසුවට මම මේ රටවල් කාණ්ඩ 3කට කඩලා පෙන්නන්නම්.

1. අඩු වියදම් (Budget Friendly) – ලක්ෂ 25-35 අතර 📉

සල්ලි ගොඩක් අතේ නැති, හැබැයි යුරෝපයට පය තියන්න හිතන් ඉන්න අයට.

🇱🇻 ලැට්වියාව (Latvia) & 🇱🇹 ලිතුවේනියාව (Lithuania)

Course Fee: අවුරුද්දට යුරෝ 3500 – 5,000 අතර.

Living Cost: යුරෝපයේ අඩුම වියදමක් යන රටවල්. මාසෙට යුරෝ 400-700කින් (කෑම + නවාතැන් ඇතුලු​ව)

PSW (Post Study Work): මාස 9 – 12 අතර කාලයක් රස්සා හොයන්න ලැබෙනවා.

Dependents: ලිතුවේනියා මාස්ටර්ස් Phd යන අයට ගන්න පුලුවන් සහ Dependant ට ෆුල් ටයිම් වැඩ කරන්නත් පුලුවන්. දරුවන්ව ගන්නත පුලුවන්.

🇭🇺 හංගේරියාව (Hungary)

Highlight: ශ්‍රී ලාංකික සිසුන් අතර ජනප්‍රියයි. බුඩාපෙස්ට් කියන්නේ මම ගිය​පු ලස්සනම නගරයක්.

Course Fee: යුරෝ 3,500 – 6,000 අතර.

Work Rights: ඉගෙන ගන්න ගමන් පැය 24ක් (සතියට) වැඩ කරන්න පුළුවන්. PSW මාස 9යි.

🇲🇹 මෝල්ටා (Malta)

Highlight: ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්, අවුරුද්ද පුරාම අව්ව තියෙන (Tropical) දේශගුණයක් ඇති රටක්.

Course Fee: යුරෝ 5,000 – 7,000 අතර.

PSW: ඉගෙන ගෙන ඉවර වුනාම රැකියාවක් සොයාගන්න අවස්ථාව තියෙනවා.

2. මධ්‍යම ප්‍රමාණයේ වියදම් (Mid Range) – ලක්ෂ 35-70 අතර ⚖️

ටිකක් හොඳ Budget එකක් තියෙන, Quality Education හොයන අයට.

🇩🇪 ජර්මනිය (Germany)

ලොකුම වාසිය: රජයේ විශ්වවිද්‍යාලවල Tuition Fee නොමිලේ (Semester Contribution එකක් විතරයි තියෙන්නේ).

වියදම කොතනද?: විශ්වවිද්‍යාලය නොමිලේ වුනාට, වීසා එක ගන්න “Blocked Account” එකට යුරෝ 11,208ක් (ලක්ෂ 38ක් විතර) දාන්න ඕන. ඒක තමයි ඔයාගේ ජීව​න වියදම.

PSW: මාස 18ක් ලැබෙනවා. PR ගන්න හොඳම රටක්.

🇧🇪 බෙල්ජියම (Belgium)

Highlight: යුරෝපයේ හදවත. රජයේ විශ්වවිද්‍යාලවල ගාස්තු සාධාරණයි (යුරෝ 3,000 – 6,000).
PSW: වසර 1ක් ලැබෙනවා.

🇸🇪 ස්වීඩනය (Sweden) & 🇫🇮 ෆින්ලන්තය (Finland)

Course Fee: යුරෝ 5000 – 12,000 අතර. (Scholarships නැත්නම් ගණන් සැරයි).

ලොකුම වාසිය (Family): ශිෂ්‍යයා යනකොටම බිරිඳ/සැමියා සහ දරුවන් එක්කන් යන්න පුළුවන්.

Spouse Rights: බිරිඳට/සැමියාට Full-time Work Rights ලැබෙනවා.

PSW: ෆින්ලන්තයේ වසර 2ක්, ස්වීඩනයේ වසර 1ක් ලැබෙනවා.

3. ඉහළ ආයෝජනය (High Investment) – ලක්ෂ 50 ට වැඩි 💰📈

වියදම සැරයි. හැබැයි ප්‍රතිලාභ (Return) ඊට වඩා වැඩියි. පවුල් පිටින් යන්න (Family Migration) පුලුව​න් රටවල්.

🇳🇱 නෙදර්ලන්තය (Netherlands)

Highlight: ඉංග්‍රීසි භාෂාවෙන් 100% ක් වැඩ කරන්න පුළුවන්. ලෝකයේ Top Ranking Universities තියෙන්නේ මෙහේ. මමත් ජීවත් වෙන්නෙ නෙදර්ලතයේ, මගෙත් ප්‍රියතම රටක්.

Course Fee: යුරෝ 8,000 – 18,000 අතර.

PSW: “Orientation Year” වීසා එක යටතේ වසර 1ක් ලැබෙනවා.

🇮🇪 අයර්ලන්තය (Ireland)

Highlight: UK වලට යන්න බැරි අයට තියෙන හොඳම විකල්පය. Google, Facebook වගේ ලොකු සමාගම් වල මූලස්ථාන තියෙන්නේ මෙහේ.

Course Fee: යුරෝ 10,000 – 15,000 පටන් ගන්නේ.

PSW: Masters කරන අයට වසර 2ක Work Permit එකක් ලැබෙනවා.

💡 රංගන මහේෂ්ගේ උපදේශය (My Advice):

ඔබ තීරණයක් ගන්න ඕන “Course Fee” එක දිහා විතරක් බලලා නෙවෙයි.
තනියම ද යන්නේ? ලැට්වියාව, හංගේරියාව, ජර්මනිය හොඳයි.

පවුලම යනවද? ස්වීඩනය, ෆින්ලන්තය , ලිතුවේනි​යා තමයි ගැලපෙන්නේ.

Career එකක් හදාගන්නද ඕන? නෙදර්ලන්තය, අයර්ලන්තය සුපිරි.

ඔබේ සාක්කුවටයි, අරමුණටයි දෙකටම ගැලපෙන රට තෝරාගන්න. මොකද මේක ජීවිත කාලෙටම කරන ආයෝජනයක්.

ඔබට ගැලපෙන රට හරියටම දැනගන්න, Free Eligibility එකක් කරගන්න, අදම පලවෙනි කොමෙන්ටුවේ ඇති Google Form පුරවන්​න.

~ රංගන මහේෂ්.

#StudyInEurope #BudgetGuide #Germany #Sweden #Finland #Latvia #Hungary #Netherlands #Ireland #RanganaMahesh #AhasaConsultancy

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation