ලේසියට පාස් වෙන්න “සාමාන්‍ය” Thesis එකක් කරලා යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, UK ජොබ් නැති කරගන්න එපා! 🚫🎓🇪🇺
අන්තිම සෙමෙස්ටර් එකට ආවම ගොඩක් ළමයි Assignment කරලා, Part-time කරලා හොඳටම මහන්සි වෙලයි ඉන්නේ. ඉතින් ඉක්මනින් ඩිග්‍රිය ඉවර කරන්න ඕන නිසා Data හොයාගන්න ලේසි, කවුරුත් කරන පරණ මාතෘකාවක් Thesis එකට තෝරගන්නවා. (උදා: “Customer Satisfaction in E-commerce”, “Employee Motivation in Retail”).
මේකට අපි කියන්නේ “The Generic Trap” (සාමාන්‍ය වීමේ උගුල) කියලා.
යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හරි UK වල හරි හොඳ ජොබ් එකකට ගිහින් PR ගන්න තියෙන ඔයාගේ හීනේ විනාශ කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක.
මේක ලංකාවේ Degree එකක් කරන ගොඩක් අයටත් වෙන දෙයක්,
ලේසිය හොයන්න ගිහින් අනාගතය නැතිවෙන්නේ ඇයි කියලා අපි බලමු:
✅ 1. ඔයාගේ වටිනාකමක් නැති වීම (Invisible to Employers)
ඔයා මේ වගේ සාමාන්‍ය මාතෘකාවක් තෝරගත්තොත්, ඔයා කරන්නේ තවත් ජාත්‍යන්තර සිසුන් දහස් ගාණක් කරන පර්යේෂණයක්මයි. යුරෝපයේ කම්පැනියක මැනේජර් කෙනෙක් ඔයාගේ CV එක බලද්දී ඔයාගේ කිසිම විශේෂත්වයක් පේන්න නෑ. තරඟකාරී ජොබ් මාකට් එකකදී ඔයා අනිත් අය වගේම සාමාන්‍ය කෙනෙක් වුණොත්, ඔයාගේ CV එක එතනින්ම Reject.
✅ 2. Interview එකේදී හිරවීම
විදේශීය කම්පැනි රස්සාවල් දෙන්නේ ප්‍රශ්න විසඳන්න පුළුවන්, Independatly work කරන්න පුලුවන් අයටයි. ඉන්ටවිව් එකේදී එයාලා ඇහුවොත් “ඔයාගේ Research එකෙන් (Employee Motivation in Retai) අපේ කම්පැනියට ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද?” කියලා, ඔයාට “සේවකයින් සතුටින් හිටියොත් වැඩ කරනවා” වගේ බොළඳ උත්තර දෙන්න බෑ. එයාලට ඕනේ එයාලගේ බිස්නස් එකේ තියෙන සංකීර්ණ ප්‍රශ්න වලට උත්තර.
✅ 3. මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? (The Pivot)
මේකට ඔයාගේ ෆීල්ඩ් එක මාරු කරන්න ඕනේ නෑ. මාතෘකාව අනාගතයට ගැලපෙන විදිහට වෙනස් කරන්න (Niche Market එකකට යන්න).
සාමාන්‍ය (වැරදි) මාතෘකාව: “සුළු ව්‍යාපාර සඳහා මාකටින් ක්‍රම.” ❌
ඉල්ලුම වැඩි මාතෘකාව: “යුරෝපයේ නීති (GDPR) වලට යටත්ව Digital Marketing වල දත්ත ආරක්ෂාව තහවුරු කිරීම.” ✅
සාමාන්‍ය (වැරදි) මාතෘකාව: “සැපයුම් ජාලයේ (Supply Chain) ප්‍රමාද වීම්.” ❌
ඉල්ලුම වැඩි මාතෘකාව: “සැපයුම් ජාලයේ වංචා නැවැත්වීමට Blockchain තාක්ෂණය භාවිතා කිරීම.” ✅
ඔබගේ මීළඟ පියවර:
ඔයාට Work Visa එකක් දෙන්නේ ඔයාගේ සහතිකේට නෙවෙයි, ඔයාගේ තියෙන විශේෂඥ දැනුමටයි. ඒ නිසා මාස 6ක් මහන්සි වෙලා මාකට් එකට විකුණගන්න බැරි පර්යේෂණ කරන්න එපා.
අනාගතයේ ඉහළම රැකියා ඉල්ලුමක් තියෙන යුරෝපීය කැම්පස් සහ කෝස් මොනවද කියලා දැනගන්න ඕනෙද?
👇 මේ පෝස්ට් එකේ පළමු කමෙන්ටුවේ (1st comment) තියෙන Google Form එක පුරවන්න. Ahasa Consultancy අපේ කණ්ඩායම ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා නිවැරදිම පාර පෙන්නන්නම්.
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: HOWEST University of Applied Sciences | International Business School (IBS) | MODUL University Vienna