“ස්ටුඩන්ට් ගිහින් රස්සාවකට පනින්න ලේසියි නේද?” – මම දකින ලොකුම…

මම හැමදාම කියන දෙයක් තියෙනවා. “රට යනවා කියන්නේ ෆේස්බුක් ස්ටේටස් එකක් නෙවෙයි, ඒක ජීවිතේම වෙනස් කරන තීරණයක්.”

Rangana Mahesh2 min read
Study Abroad Tips
“ස්ටුඩන්ට් ගිහින් රස්සාවකට පනින්න ලේසියි නේද?” – මම දකින ලොකුම…

මට දවසකට කෝල්ස් 100ක් විතර එනවා. මේ කතා කරන ගොඩක් අයගේ ඔළුවල තියෙන්නේ සම්පූර්ණ වැරදි චිත්‍රයක්. ඒ වැරදි චිත්‍රය නිසා අමාරුවේ වැටුණු අය මම ඕන තරම් දැකලා තියෙනවා.

අද මම තීරණය කළා සමාජයේ තියෙන මේ ප්‍රශ්න ගැන මගේ පේජ් එකේ කෙලින්ම කතා කරන්න.

⛔ Myth 01: “Job Visa දාන්න අමාරු නිසා Student ගිහින්, මාසෙන් දෙකෙන් Work Visa එකකට මාරු වෙනවා.”

  • ඇත්ත කතාව (My Honest View): මේක තමයි අද තියෙන භයානකම බොරුව.

ගොඩක් අය හිතන්නේ කැම්පස් එක කියන්නේ වීසා එක ගන්න පාවිච්චි කරන “බෝඩ් ලෑල්ලක්” (Entry Ticket) විතරයි කියලා.

Reality: යුරෝපයේ රටවල් (විශේෂයෙන් ෂෙන්ගන්) දැන් මේ ගැන හරිම තදයි. ඔබ ශිෂ්‍ය වීසා එකෙන් ගිහින්, ඉගෙන ගන්නේ නැතුව “Work Permit” ඉල්ලුවොත්, ඔවුන් බලන්නේ “ඇයි බොරු කියලා රට ඇතුලට ආවේ?” කියලා.

ප්‍රතිඵලය? ඔබේ වීසා කැන්සල් වෙලා ඩිපෝට් වෙන්න පුළුවන්. උපාධිය ඉවර කරන්නේ නැතුව වීසා කැටගරි මාරු කරන එක දැන් ලේසි නෑ. “ෂෝට්කට්” ගහන්න ගිහින් තියෙන වීසා එකත් නැති කරගන්න එපා.

Myth 02: “Study Gap එකක් තියෙනවා නම් මාව කැම්පස් එකෙන් ගන්නෙ නෑ”

  • ඇත්ත කතාව: කවුද කියන්නේ?

අවුරුදු 8-10 ගැප් තියෙන අයත් මම පුද්ගලිකව දැකලා තියෙනවා සහ අපිත් එක්ක ඇප්ලයි කරලත් තියන​වා. මාස්ටර්ස් වලට යනවා.
යුරෝපය බලන්නේ ඔබේ “වයස” නෙවෙයි, ඔබේ “පලපුරුද්ද” (Experience).

ඔබ A/L කරලා ගෙදරට වෙලා නිකන් හිටියා නම් විතරයි ප්‍රශ්නේ.
ඔබ ඒ කාලේ රස්සාවක් කළා නම්, ඒක “Study Gap” එකක් නෙවෙයි, ඒක ඔබේ වටිනාකමක්.

Myth 03: “IELTS නැතුව ගියොත් ජොබ් හොයන්න බෑ” හෝ “IELTS ඕනමයි”

  • ඇත්ත කතාව: මේකේ දෙපැත්තක් තියෙනවා.

වීසා එකට IELTS ඕනම නෑ (​ MOI එකෙන්/ Entrance test එකෙන් ඇප්ලයි කරන්න පුලුවන් යුනිවර්සිටි තියෙනවා).

හැබැයි, රස්සාවක් කරන්න නම් “කතා කිරීමේ හැකියාව” (Communication) ඕනමයි. සහතිකේ (Certificate) තිබ්බට වැඩක් නෑ, සුද්දෙක් එක්ක කතා කරන්න බැරි නම් ඔබ ෆේල්. සහතික පස්සේ දුවන්නේ නැතුව “Skill” එක හදාගන්න.

Myth 04: “PR ගන්න එක නිකන් කජු කනවා වගේ වැඩක්”

  • ඇත්ත කතාව: PR කියන්නේ මැරතන් එකක්. ඕනම රටක එහෙමයි.

හරියට ඉගෙන ගන්න ඕන.
ටැක්ස් ගෙවන රස්සාවක් හොයාගන්න ඕන.
භාෂාව ඉගෙන ගන්න ඕන (A2/B1/B2 Level).
මේක අවුරුදු 3-5 ක ප්ලෑන් එකක්. නිකන් ලැබෙන දේවල් යුරෝපයේ නෑ.

Myth 05: “ගියපු ගමන් සල්ලි එවන්නම්”

  • ඇත්ත කතාව:

පළවෙනි මාස 6 කියන්නේ ඔබ “Survival Mode” එකේ ඉන්න කාලේ.
කන්න බොන්න, ඉන්ෂුවරන්ස් ගෙවන්න, ගෙවල් කුලී ගෙවන්න සල්ලි යන්නේ ඔබේ සාක්කුවෙන්.
ගෙදරින් සල්ලි ගෙන්න ගන්නේ නැතුව ජීවත් වෙනවා කියන එකම ලොකු ජයග්‍රහණයක්. ගෙදරට සල්ලි එවන්න හිතාගෙන යන්න එපා, අඩුම තරමේ පළවෙනි මාස 3-6ක් වත්.

මගෙන් පොඩි උපදෙසක්

හැමවිටම “යථාර්ථය” (Reality) එක්ක ගනුදෙනු කරන්න.

කිසිම අවස්තාවක Give Up කරන්න එපා. තනියම දේවල් කරගනිද්දී ප්‍රශ්න වැඩිපුර දැනෙනවා තමයි. නමුත් මේ කඩයිම කොහොමත් තනියම පහු කරන්න වෙනවා ගොඩක් අයට. ඒක ලේසි නෑ, මමත් රටවල් වල ඉගෙන ගද්දී ඔය වගේම ලොකු කටු කාලා තියනවා.

ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.

Rangana Mahesh.

View original post on Facebook →

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation