“අපි දෙන්නටම එකට යන්න පුළුවන්ද?” – ශිෂ්‍ය වීසා එකෙන් බිරිඳ/සැමියා…

විවාහක යුවළක් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි, *”සර්, මම ස්ටුඩන්ට් යනකොට එයාටත් එන්න පුළුවන්ද?”* කියන එක.

Rangana Mahesh2 min read
FinlandGermanySwedenVisa & Immigration
“අපි දෙන්නටම එකට යන්න පුළුවන්ද?” – ශිෂ්‍ය වීසා එකෙන් බිරිඳ/සැමියා…

මේකට දෙන කෙටි උත්තරේ **”ඔව්, පුළුවන්.”**

හැබැයි දිග උත්තරේ ඊට වඩා සංකීර්ණයි. රට අනුව සහ ඔබේ මූල්‍ය ශක්තිය (Financial Strength) අනුව මේක වෙනස් වෙනවා.

අපි කොටස් 3කට මේක කඩලා බලමු.

එකටම යන්න පුළුවන් රටවල් (Apply Together)

ඔබට අවශ්‍ය නම් දෙන්නාගේම වීසා එකපාර දාලා, එකම ෆ්ලයිට් එකේ යන්න, ඊට හොඳම රටවල් තමයි ස්වීඩනය (Sweden) සහ ෆින්ලන්තය (Finland).

වාසිය: ශිෂ්‍යයාට සහ සහකරුට එකවර වීසා ලැබෙනවා. විශේෂම දේ, සහකරුට (Spouse) ෆුල් ටයිම් වැඩ කරන්න (Work Rights) අවසර ලැබෙනවා.

අභියෝගය: බැංකු ගිණුමේ පෙන්නන්න ඕන මුදල (Show Money) දෙගුණ වෙනවා. (ශිෂ්‍යයාට + සහකරුට + දරුවන් ඉන්නවා නම් ඔවුන්ට). ලොකු මුදලක් අතේ තියෙන අයට මේක හොඳම ඔප්ෂන් එක.

  • “Dependant පසු​ව ගන්න” රටවල් (Family Reunion) 🇩🇪🇱🇹🇵🇱

ලිතුවේනියාව, ජර්මනිය, පෝලන්තය, වගේ රටවල හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය තමයි මේක.

ක්‍රමය: මුලින් ශිෂ්‍යයා තනියම යනවා. ගිහින් TRP (Residence Permit) එක අරගෙන, නවාතැන් (Apartment) ලෑස්ති කරගෙන, මාස 3-6 කට පස්සේ සහකරුට **”Family Reunion Visa”** එක හරහා ආරාධනා කරනවා.

ඇයි මෙහෙම කරන්නේ?: ශිෂ්‍ය වීසා එක දානකොටම දෙන්නම දැම්මොත්, වීසා ඔෆිසර් හිතන්න පුළුවන් “මේ ගොල්ලෝ එන්නේ ඉගෙන ගන්න නෙවෙයි, පදිංචි වෙන්නමයි” කියලා. එතකොට දෙන්නම රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. ඒ රිස්ක් එක ගන්න එපා.

  • අවශ්‍ය මූලික සුදුසුකම් (Basic Requirements)
  • ඔබ කොහොම ගියත්, මේ දේවල් අනිවාර්යයි:
  • Marriage Certificate: විවාහ සහතිකය (Translation + Foreign Ministry Certified). හදිස්සියේ රෙජිස්ටර් කරපු අයට වඩා, විවාහ වී කාලයක් ගත වූ අයට පිළිගැනීම වැඩියි.
  • Living Space: පවුලක් ගෙන්න ගන්න නම්, වර්ග මීටර් ප්‍රමාණයක (Sq meters) ඉඩක් තියෙන අපාර්ට්මන්ට් එකක් පෙන්නන්න ඕන. (Dormitory වලට පවුල් ගෙන්නන්න බෑ).
  • Funds: දෙන්නටම ජීවත් වෙන්න සල්ලි තියෙන බව ඔප්පු කරන්න ඕන.
  • —

Ahasa Consultancy උපදේශය

හදිසි වෙලා ඉක්ම​න් තීරණ ගන්න එපා.
ඔබේ බැංකු ගිණුමේ කෝටි ගණන් නැත්නම්, Safe ම දේ තමයි එක්කෙනෙක් මුලින් යන එක.

​එක්කෙනෙක් ගිහින් ස්ථාවර වුණාම, අනිත් කෙනාගේ වීසා එක ගන්න හරිම ලේසියි.

දෙන්නම දාලා රිජෙක්ට් කරගත්තොත්, ඒක මුළු පවුලෙම අනාගතයට කරන ලොකු පාඩුවක්.

ඔබේ පවුලේ ප්ලෑන් එක (Family Migration Plan) හරියටම හදාගන්න, අදම අපිට කතා කරන්න. අපි යන්නේ ෂුවර් පාරවල් වල විතරයි.

ඔයාලට ඇප්ලයි කරන්න පුලුවන් මොන රටවල් වලටද, වියදම කීයක් වගේ යනවද? මේ කියන හැම ප්‍රශ්නයකටම උත්තර දැන ගන්න සහ Process එක හරියටම කරගන්න පලවෙනි කොමෙන්ටුවේ තියන Google Form එක පුරවන්න.

ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.

Rangana Mahesh.

View original post on Facebook →

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation