අඩු වියදමකින් යුරෝපයේ Agriculture හෝ Food Tech ඩිග්‍රියක් කරන්නේ…
ලංකාවේ A/L Bio හෝ Maths කරලා ලොකු කැම්පස් හීනයක් තිබුණත්, ඒක මගහැරුණු දක්ෂ ළමයින්ට යුරෝපයට යන්න තියෙන හොඳම, හැබැයි ගොඩක් අය නොදන්න පාරක් තමයි ලිතුවේනියාවේ (Lithuania) කෘෂිකර්ම සහ ආහාර තාක්ෂණ (Agriculture & Food Tech) උපාධි කියන්නේ.

යුරෝපයේ අනිත් රටවල වගේ ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැතුව, පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මේ ඩිග්‍රිය කරලා යුරෝපයේ ස්ථිර රැකියාවකට යන නීත්‍යානුකූල පාර අද අපි කතා කරමු.
ලිතුවේනියාවේ Agriculture/Food Tech ඇත්ත තත්ත්වය සහ වීසා නීති
✅ 1. යුරෝපයේ පිළිගත් කෘෂිකර්ම විශ්වවිද්‍යාල (VMU Agriculture Academy)
ලිතුවේනියාව කියන්නේ කෘෂිකර්මාන්තය සහ ආහාර තාක්ෂණය අතින් යුරෝපයේ ඉතාම දියුණු රටක්. විශේෂයෙන්ම Vytautas Magnus University (VMU) Agriculture Academy වැනි රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා Agronomy, Food Science සහ Biotechnology වගේ ඉහළ ඉල්ලුමක් තියෙන ඩිග්‍රි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න පුළුවන්.
✅ 2. පාඨමාලා ගාස්තුව (Tuition Fee Advantage)
ඔයා ජර්මනියට හෝ ස්වීඩනයට ගියොත් මේ වගේ ඩිග්‍රියකට වසරකට යුරෝ 10,000 ක් විතර වෙනවා. හැබැයි ලිතුවේනියාවේ මේ ඩිග්‍රි සඳහා වසරකට යන්නේ යුරෝ 3,500 ත් 5,000 ත් අතර සාමාන්‍ය මුදලක් (Low tuition fees). මේ නිසා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන වියදමට ආසන්න මුදලකින් යුරෝපයේ රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න ඔයාට පුළුවන්.
- 3. වීසා එකට පෙන්නන්න ඕනේ බැංකු ශේෂය (Migris Proof of Funds)
ලිතුවේනියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව (MIGRIS) නියම කරලා තියෙන විදිහට, Student Visa (TRP) එක ගන්න නම් ඔයාට වසරකට ආසන්න වශයෙන් යුරෝ 10000 ක මුදලක් පෙන්වන්න ඕනේ.
මේ මුදල හැදෙන්නේ මසකට ජීවන වියදමත්, ආපසු එන ටිකට් එක වෙනුවෙන් වෙන් කළ යුතු යුරෝ 1,153 ක මුදලත් එකතු වීමෙනි. දල වශයෙන් මේ මුදල 8071 ක් උනත් තව අමතර මුදලක් පෙන්වන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
මේ සම්පූර්ණ මුදල ඔයාගේ නමට තියෙන බැංකු ගිණුමක පෙන්වීම අත්‍යවශ්‍යයි. අනිත් යුරෝපීය රටවලට සාපේක්ෂව මේක ඉතාම සාධාරණ මුදලක්.
- 4. ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන කාලය (1-Year Post-Study TRP)
ඩිග්‍රිය ඉවර වුණාම ඔයාට කෙලින්ම ගෙදර එන්න ඕනේ නෑ.
ෆීල්ඩ් එකේ රස්සාවක් හොයාගන්න ලිතුවේනියානු රජයෙන් නිල වශයෙන් මාස 12ක (වසරක) කාලයක් ලබාදෙනවා.
මේ කාලය ඇතුළත ඔයාට ලිතුවේනියාවේ විතරක් නෙවෙයි, සම්පූර්ණ ෂෙන්ගන් (Schengen) කලාපය පුරාම ඔයාගේ සුදුසුකමට සරිලන Agriculture හෝ Food Tech රස්සාවක් හොයාගන්න නීතියෙන් ඉඩ තියෙනවා.
මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට නම් ඔයාට පවුලේ අයවත් එක්කගෙන යන්න පුලුවන් සහ Dependant ට ෆුල් ටයිම් ජොබ් එකක් කරන්නත් පුලුවන්.
🌟 Ahasa වෙනස (The Ahasa Difference):
Bio කරලා Doctor කෙනෙක් වෙන්න බැරි වුණා කියලා හීන අත්හරින්න එපා. ඊට වඩා ලොකු ගමනක් Agriculture සහ Food Tech වලින් යුරෝපය ඇතුළේ යන්න පුළුවන්. ලිතුවේනියාවේ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරලා, නිවැරදිව Financial Documents හදාගෙන ඔයාගේ යුරෝපීය හීනය හැබෑ කරගන්න අවශ්‍ය මගපෙන්වීම දෙන්න අපි ලෑස්තියි.
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vytautas Magnus University | Global College Malta | University of Latvia




