🚨 හැමෝම IT, Business පස්සේ යද්දී, ලේසියෙන්ම යුරෝපයේ ජොබ් එකක් ගන්න…

හැමෝම IT, Business පස්සේ යද්දී, ලේසියෙන්ම යුරෝපයේ ජොබ් එකක් ගන්න පුළුවන් Agriculture සහ Food Tech ඩිග්‍රි වලට තියෙන හොඳම රටවල් 5 මෙන්න!

Rangana Mahesh2 min read
හැමෝම IT, Business පස්සේ යද්දී, ලේසියෙන්ම යුරෝපයේ ජොබ් එකක් ගන්න…

ලංකාවේ ළමයි යුරෝපයට යන්න ප්ලෑන් කරද්දී 90% ක්ම අහන්නේ IT හරි සාමාන්‍ය Business ඩිග්‍රි ගැන විතරයි. මේ නිසා ඒ පැති වල ජොබ් මාකට් එකේ දැන් ලොකු තරගයක් තියෙනවා.

හැබැයි, තරගය ගොඩක් අඩු, යුරෝපයේ දැවැන්තම ජොබ් මාකට් එකක් තියෙන රහසක් අපි අද කියන්නම්. ඒ තමයි Smart Agriculture, Bioeconomy, Food Technology, සහ Environmental (පරිසර විද්‍යා) අංශය.

මේවා නිකම්ම Agriculture නෙවෙයි, සම්පූර්ණයෙන්ම තාක්ෂණය (Tech) පාවිච්චි වෙන ඩිග්‍රි.

මේ ඩිග්‍රි කරන්න යුරෝපයේ තියෙන හොඳම රටවල් 5 මෙන්න:

✅ 1. ලිතුවේනියාව 🇱🇹 (Bioeconomy වල main point එකක්.)
විශේෂත්වය: Vytautas Magnus University (VMU) වගේ ඉහළ පිළිගැනීමක් තියෙන කැම්පස් හරහා Smart Engineering, Bioeconomy ඉගෙන ගන්න පුළුවන්. ලිතුවේනියාවේ මේ ඩිග්‍රි සම්පූර්ණයෙන්ම Drones සහ AI තාක්ෂණය එක්කයි යන්නේ.

✅ 2. ලැට්වියාව 🇱🇻 (Food Tech කේන්ද්‍රය)
විශේෂත්වය: මුළු යුරෝපයෙන්ම අඩුම Course Fee එකක් ගෙවලා, LBTU වගේ කැම්පස් වලින් Food Quality (ආහාර සුරක්ෂිතතාවය) ඩිග්‍රියක් කරන්න පුලුවන්.

✅ 3. හංගේරියාව 🇭🇺 (ඉංජිනේරු කෘෂිකර්මාන්තය)
විශේෂත්වය: MATE, Debreceen university වගේ කැම්පස් වලින් Agricultural Engineering ඉවර කරන අයට යුරෝපයේ අනිත් හැම රටකම හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. හංගේරියාවේ වීසා සාර්ථකත්වයත් ගොඩක් වැඩියි.

✅ 4. නෙදර්ලන්තය 🇳🇱 (ලෝකයේ කෘෂි-තාක්ෂණ දැවැන්තයා)
විශේෂත්වය: ලෝකයේ දෙවෙනියට ලොකුම කෘෂි අපනයනකරුවා වෙන්නේ නෙදර්ලන්තය. මෙහේ ඩිග්‍රිය ඉවර කළාම අවුරුද්දක Zoekjaar වීසා එක හම්බවෙන නිසා, ලොකු පඩියකට ජොබ් එකකට ගිහින් PR එකට යන්න තියෙන පාර ගොඩක් පැහැදිලියි.

උදාහරණයක් විදිහට නෙදර්ලන්තය ගත්තොත්, රටක් විදිහට ගොඩක් කුඩා වුණාට ලෝකේ දෙවැනියට විශාලතම ආහාර අපනයනය කරන්නේ එයාලා. ඒ ඔක්කොම කරන්නේ Smart Agriculture සහ Vertical Farming තාක්ෂණයෙන්.

මම නෙදර්ලන්තයේ ජීවත් වෙන නිසා සහ Agriculture වලට සම්බන්දව Business කරන නිසා මේක හොදටම දන්නවා.

  • 5. ජර්මනිය 🇩🇪 (Scholarships)

විශේෂත්වය: ජර්මනියේ මේ පැත්තෙන් ඩිග්‍රි කරද්දී Course fee එකක් ඇත්තෙම නැති තරම්. ඒ වගේම පරිසරය සුරකින්න පුළුවන් අලුත් බිස්නස් අයිඩියා එකක් ඔයාට තියෙනවා නම්, ජර්මන් රජයෙන්ම ඔයාට ලොකු මුදලක් (Grants) ලබා දෙනවා.

අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යුරෝපය මේ වෙද්දී මේ අංශයට බිලියන ගණනින් ආයෝජනය කරනවා.

යුරෝපයේ අනාගතය අදම ලෑස්ති කරගමුද?

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Latvia?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Latvia

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation