යුරෝපයේ ආගමන නීති අවුරුද්දෙන් අවුරුද්ද තද වෙනවා. යන්න හිතන් ඉන්නවා නම් දැනගත යුතු දේවල් 5ක් ⏳🇪🇺

Rangana Mahesh1 min read
FinlandGermanySwedenVisa & Immigration
යුරෝපයේ ආගමන නීති අවුරුද්දෙන් අවුරුද්ද තද වෙනවා. යන්න හිතන් ඉන්නවා නම් දැනගත යුතු දේවල් 5ක්

“තව අවුරුද්දකින් දෙකකින් යන්නම්” කියලා හිතන් ඉන්නවද? පහුගිය අවුරුදු දෙක ඇතුළත යුරෝපයේ වුණු වෙනස්කම් දිහා බැලුවොත් එක දෙයක් පැහැදිලියි: නීති තද වෙනවා මිසක් ලිහිල් වෙන්නේ නැහැ.

පහුගිය කාලයේ වුණු වෙනස්කම්

🇫🇮 ෆින්ලන්තය: PR එකට අවශ්‍ය කාලය අවුරුදු 4 සිට 6 දක්වා වැඩි කළා (2026 ජනවාරි).

🇸🇪 ස්වීඩනය: පුරවැසිභාවයට අවශ්‍ය කාලය අවුරුදු 5 සිට 8 දක්වා වැඩි කළා. සිසුන්ගේ Part-time පැය ගාණ සතියකට 15ට සීමා කළා (2026 ජූනි).

🇵🇹 පෘතුගාලය: පරණ Job Seeker වීසා ක්‍රමය නැවැත්තුවා (2025 ඔක්තෝබර්).

🇩🇪 ජර්මනිය: වීසා Reject වුණාම තිබුණු Remonstration ක්‍රමය ඉවත් කළා.

🇪🇺 Schengen: දේශසීමා සම්පූර්ණයෙන් ඩිජිටල් වුණා. Overstay කරන්න කිසිම ඉඩක් නැහැ.

මේකෙන් තේරෙන්නේ මොකක්ද?

1. පරණ නීති යටතේ ගිය අයට වාසියි
ගොඩක් වෙලාවට අලුත් නීති තදින්ම බලපාන්නේ අලුතෙන් එන අයට. කලින් ගිහින් ස්ථිර වුණු අයට බලපෑම අඩුයි.

2. Study පාර තවමත් ආරක්ෂිතම පාර
රටවල් නීති තද කරන්නේ ප්‍රධාන වශයෙන් නුසුදුසු සහ නීති විරෝධී ආගමනයට. තමන්ගේ රටේම ඉගෙන ගත්ත, භාෂාව දන්න, වැඩ කරන අයට තවමත් දොරවල් ඇරලා.

3. භාෂාව දැන් අනිවාර්යයි
හැම රටකම පොදු වෙනස තමයි PR එකට සහ පුරවැසිභාවයට භාෂාව ඉල්ලන එක.

4. ඇත්තම ශිෂ්‍යයෙක් වෙන්න
වැඩ කරන්න විතරක් හිතාගෙන ශිෂ්‍ය වීසා එකකින් යන අයට ඉදිරියට අමාරු වෙනවා.

5. නිවැරදි තොරතුරු
අවුරුද්දකට කලින් YouTube එකේ දැකපු Video එකක තොරතුරු අද වැරදි වෙන්න පුළුවන්.

🌟 Ahasa වෙනස (The Ahasa Difference)
අපි යුරෝපයේම ඉඳන් මේ වෙනස්කම් දිහා බලන් ඉන්නවා. ඒ නිසා ඔයාට ලැබෙන්නේ අලුත්ම, නිවැරදිම තොරතුරු.

👇 පරක්කු නොවී ඔයාගේ ගමන පටන් ගමුද? අදම ඔයාගෙ CV එක පහත අංකයට WhatsApp කරන්න.

WhatsApp: 06 59009500

ෆින්ලන්තය, ස්වීඩනය සහ ජර්මනිය ගැන වැඩි විස්තර සඳහා අපගේ ෆින්ලන්ත, ස්වීඩන සහ ජර්මන් මාර්ගෝපදේශ බලන්න.

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation