ඕස්ට්‍රේලියාව ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවල් 4ක වීසා දැඩි කරයි…

පසුගියදා ඕස්ට්‍රේලියානු රජය (Department of Home Affairs) ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ භූතානය යන රටවල සිසුන්ගේ වීසා අයදුම්පත් පරීක්ෂා කිරීම ඉතා දැඩි කිරීම (Tighten Scrutiny).

Rangana Mahesh1 min read
Visa & Immigration
ඕස්ට්‍රේලියාව ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවල් 4ක වීසා දැඩි කරයි…

හේතුව? “Integrity Issues” – ඒ කියන්නේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සහ ඉගෙන ගන්න එනවා කියලා ඇවිත් වෙනත් වැඩ කිරීම වගේ “වංචනික” ක්‍රියා වැඩි වීම.

හැබැයි මේ නරක ආරංචිය අස්සේ, ශ්‍රී ලාංකික සිසුන්ට සතුටුවෙන්​න පුළුවන් කාරණයක් තියෙනවා.

ශ්‍රී ලංකාව මේ “High Risk” ලිස්ට් එකේ නෑ!

අපේ අසල්වැසි රටවල් ඔක්කොම වගේ මේ දැඩි පරීක්ෂාවට අහුවෙද්දි, ශ්‍රී ලංකාව තවමත් ඕස්ට්‍රේලියාවට “විශ්වාසවන්ත” රටක් විදිහට ඉතිරි වෙලා තියෙනවා.
මේකෙන් ඔබට ලැබෙන වාසිය මොකක්ද?

තරඟය අඩු වීම: කලාපයේ අනිත් රටවල සිසුන් ප්‍රතික්ෂේප වෙද්දි, විශ්වවිද්‍යාල වල අවස්ථා (University Slots) ශ්‍රී ලාංකික සිසුන්ට වැඩියෙන් විවෘත වෙනවා.

Visa Success Rate: “High Risk” රටක් ලෙස නම් නොකළ නිසා, අපේ ෆයිල්ස් දිහා වීසා නිලධාරීන් බලන්නේ ධනාත්මක කෝණයකින්. ඔබේ ලියකියවිලි හරිනම්, වීසා එක ලැබීමේ සම්භාවිතාව වැඩියි.

හැබැයි… මේක “පරිස්සම් කරගන්න” ඕන අවස්ථාවක්!

අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ සිසුන් තාම “Integrity” එක තියාගෙන ඉන්න නිසා. හැබැයි අපිත් බොරු කරන්න ගත්තොත්, අපිටත් මේ ඉරණම අත්වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

මගේ උපදේශය

මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

Genuine වෙන්න: Visa File එ​ක හරියටම හදා ගන්න. දහ පාරක් හරි කමක් නෑ හරියටම Documents ටික Submit කරන්න, මොකද, වීසා ඔෆිසර් මුලින්ම දකින්නෙ ඔයාගෙ Documents ටික.

Purpose එක පෙන්නන්න: ඇත්තටම ඉගෙන ගන්න යනවා කියන එක ඔප්පු කරන්න (GTE/GS).

Financials හරියට හදන්න: ඕස්ට්‍රේලියාව බලන ප්‍රධානම දේ මුදල්. ඒක හරියට පෙන්නන්න.

දොර වැහෙන්න කලින් යන්න. අසල්වැසියන්ට වැහෙන දොරවල්, අපිට ඇරිලා තියෙන වෙලාවේ වැඩේ ගොඩදාගන්න.

ඕස්ට්‍රේලියානු සිහිනය හරියටම ප්ලෑන් කරන්න, අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන From එක පුරවන්න.

ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.

Rangana Mahesh.

View original post on Facebook →

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation