හැබැයි ගොඩක් ළමයි කරන්නේ ස්ටුඩන්ට් වීසා එක ගහගන්නකම් විතරයි ප්ලෑන් කරන්නේ. අන්තිමට උපාධිය ඉවර වෙද්දි “දැන් මොකද කරන්නේ?” කියලා අතරමං වෙනවා.
- රජයේ නිල වෙබ් අඩවි (Official Sources) වල නවතම යාවත්කාලීන කිරීම් අනුව, පියවර 3කින්
- “Student” කෙනෙක් “Resident” කෙනෙක් වෙන්නේ කොහොමද කියලා බලමු. 👇
- Step 1: The Golden Ticket (Post-Study Work Visa) 🎫
ඔබ උපාධිය අවසන් කළාට පසුව, රැකියාවක් සෙවීම සඳහා ඔබට ලැබෙන වීසා කාලය (Job Seeker Duration) රටින් රටට වෙනස් වේ.
🇩🇪 ජර්මනිය (Germany): මාස 18 යි.
(Source: make-it-in-germany) – ඔබට ලැබෙන මේ මාස 18 ඇතුළත ඔබේ සුදුසුකමට ගැලපෙන රැකියාවක් සොයාගත යුතුයි.
ෆින්ලන්තය (Finland): අවුරුදු 2 යි! (Updated)
(Source: migri) – කලින් වසර 1ක් තිබුණට, දැන් අලුත් නීතිය අනුව උපාධිධාරීන්ට වසර 2ක වීසා එකක් (Work search permit) ලැබෙනවා. මේක මාර වාසියක්!
🇳🇱 නෙදර්ලන්තය (Netherlands): අවුරුදු 1 යි.
(Source: ind) – “Orientation Year” (Zoekjaar) වීසා එක යටතේ වසරක් ලැබෙනවා.
🇫🇷 ප්‍රංශය (France): මාස 12 යි.
(Source: service-public) – Master’s කරන අයට “RECE” (Job Seeker / Business Creator) වීසා එක වසරකට ලැබෙනවා.
🇸🇪 ස්වීඩනය (Sweden): මාස 12 යි.
(Source: migrationsverket) – රැකියා සෙවීම සඳහා වසරක කාලයක් ලැබේ.
Step 2: Work Permit & The “EU Blue Card”
රස්සාවක් සෙට් වුණාට පස්සේ, ඊළඟ පියවර තමයි “Work Permit” එකට මාරු වෙන එක.
මෙහිදී EU Blue Card එක කියන්නේ “රන් දොරටුවක්”.
ඔබට ලැබෙන වැටුප එරට රජය නියම කර ඇති අවම සීමාවට (Salary Threshold) වඩා වැඩිනම්, ඔබට Blue Card එක ලැබෙනවා.
වාසිය: මෙය තිබුණොත් පවුලේ අයට වීසා ගන්න ලේසියි වගේම, PR එකට යන ගමන ඉතාම වේගවත්.
Step 3: The Marathon to PR (Permanent Residency)
මෙතන තමයි ගොඩක් අය නොදන්න “Game Changer” අප්ඩේට් එක තියෙන්නේ. විශේෂයෙන් ජර්මනියට යන අයට!
ජර්මනිය (Fast Track): අවුරුදු 2න් PR!
අලුත් නීතිය (Skilled Immigration Act) අනුව, ජර්මනියේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත් කෙනෙක්, රස්සාව කරමින් වසර 2ක් (මාස 24ක්) Tax ගෙව්වොත් PR එක ඉල්ලන්න පුළුවන්. (කලින් මේකට අවුරුදු 5ක් ගියා).
🇳🇱 නෙදර්ලන්තය: වසර 5ක් (Continuous residence).
🇸🇪 ස්වීඩනය: වසර 4ක් (නමුත් හොඳ වැටුපක් සහ කොන්දේසි සපුරාලිය යුතුයි).
🇫🇮 ෆින්ලන්තය: වසර 4ක් (Permanent Residence). ඔබ ෆින්ලන්ත භාෂාව (Finnish/Swedish) හොඳටම පුළුවන් නම්, මේ කාලය ඊට වඩා අඩු කරගන්නත් පුළුවන්.
මගේ අවවාදය
භාෂාව (Language): ජර්මනියට යනවා නම් B1 ලෙවල් එකවත් දාගන්න. එතකොට PR එක ෂුවර්.
Field එකෙන් පිට යන්න එපා:
මොන රටක උනත් වීසා කාලය ඇතුළත Professional Job එකක්ම හොයාගන්න. Part-time එකේම එල්ලිලා ඉන්න එපා.
වීසා එක ගහලා රට යවන එක ලේසියි. හැබැයි “ගිහින් ගොඩයන පාර” (Exit Strategy) දැනගෙන රට යන්න. අපි Consultation එකේදි හදන්නේ ඔබේ මේ “Long Term Plan” එකයි.
වැඩි විස්තර දැනගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන Google From එක පුරවන්න.
~ රංගන මහේෂ්.
#PostStudyWork #EUBlueCard #PermanentResidency #GermanyPR #FinlandVisa #LifeInEurope #RanganaMahesh #AhasaConsultancy #VerifiedUpdates
Free consultation
Ready to plan your move to Finland?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Finland
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: MODUL University Vienna | University of Nicosia [Athens Campus] | Wittenborg University of Applied Sciences





